විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තමාට තීරණයක් ගැනීමට නම් මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිත කරමින් ඡන්ද ගණනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී පැවසීය.
එය එසේ කළහොත් තමාටත් රටේ උගත් බුද්ධිමත් මහජනතාව මෙන්ම අන්තර්ජාතිකවද වඩාත් පිළිගත හැකි ක්‍රමයක් යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල තීරණ ගැනීමේදී ස්ථාවර නියෝගවල සඳහන්ව තිබුණත් හඬ අනුව බහුතරය තිරණය කිරීම කාලෝචිත නොවන බවද විනිවිද භාවයකින් තොර බවද ජනාධිපතිවරයා මෙහෙදී සඳහන් කළේය.
මෙම රැස්වීම සඳහා ආරාධනා ලැබ තිබු සියලු පක්ෂ තම නියෝජනත්වය ලබා දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ පමණක් සහභාගී නොවන බව ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබු අතර ජනධිපතිවරයා එය සභාවට ඉදිරිපත් කළේය.
එමෙන්ම හෙට(19) පැවැත්වෙන පාර්ලිමේන්තුවේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී තිරණය කිරීමට නියමිත අතර ගැටුම්වලින් තොරව සාමකාමී අන්දමින් කටයුතු කිරිමට ද මෙහිදී එකඟතාවකට පැමිණියේය.
මෙම හමුව පැය දෙකකට ආසන්න කාලයක් ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
(36698)

(ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
මේ දෙගොල්ලොම එකතුවෙලා ජනතාව ගොනාට අන්දවනවා වගේ...
රනිල්ව අයින් කළේ විශ්වාසභංග ගෙනැල්ලද? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෑලු. බහුතරය අත්සන් කරලම දීලා තියෙද්දී තවත් මොනවාද? හෙටත් ඕක කඩාකප්පල් කරනවා.
කීවෙනි තුරුම්පුවද ඇද්දේ?
විශ්වාස භංගය නියමිත පරිදි ගෙනත් නියම විදිහට සමිමත කරන එක සියල්ලන්ගෙම වගකීමකි. ඔය ඔක්කොටම මුල හදිසිය ජනතාව හැටියට අප බලා සිටින්නෙ නුඹලා වැඩ කරන අාකාරයයි.
එදා ඉඳන්ම රට කාපු, අදත් කන හෙටත් කන්නට බලාගෙන ඉන්න ඡයාරුපයක්. ශ්‍රී ලංකිකයිනි කවදාද ඔබ මේ සත්‍ය තේරුම් ගන්නේ. එදාට අපි ඔක්කොම දිනුම්. රටත් දිනුම්.
එකත් අන්තිමේදී හරිගියේ නැති උනොත් මොකද ඊළඟට කරන්නේ? කොම්පියුටර් ජිල්මාට් එකක් වත් කරගන්න බලනවද? මොකද ඒකට නම් වැඩ දන්නා කට්ටිය පොහොට්ටු පිලේ ඉන්නවා.
‘‘රජයක් වෙනස් කිරීම වැනි ප්‍රබල කාරණාවලදී හඬ අනුව බහුතරය තීරණය කිරීම කාලෝචිත නැහැ. තමන්ට මෙන්ම රටේ උගත් බුද්ධිමත් ජනතාවට මෙන්ම අන්තර්ජාතිකව ද වඩාත් පිළිගත හැකි ක්‍රමය වන්නේ හඬ අනුව ඡන්දය ගණන් ගැනීම නොව මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයෙන් ඡන්දය ගැනීම" බව ජනාධිපතිවරයා අද සවස ජනාධිපති කාර්යාලයේදී පැවති සර්ව පාක්ෂික හමුවේදී සඳහන් කළේය. -නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනෙ කිව්වලු. ඔක්තෝබර් 26 වෙනිදා මහින්දට අගමැතිකම් දුන්නෙත් ඉලෙක්ට්‍රොනික් ගණනයකින් වෙන්නැති.
මේක යම්තාක් දුරට හොඳ වැඩක්, නමුත් ආණ්ඩුවේ (ජනාධිපති විසින් පවතිනවායි උපකල්පනය කරන නමුත් පාර්ලිමේන්තුව තුල නීතිමය වලංගුභාවයක් නොමැති) අස්ථාවරභාවයට සහ රටේ ඉදිරිගමනට මෙය විසඳුමක් නොවෙයි. ගතයුතු හොඳම පියවරවන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත සහිත පුද්ගලයෙක් අගමැති ලෙස පත්කර රට ඉදිරියට ගෙනයාමයි. පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනගතනොහැකි පුද්ගලයෙක් නාමිකව අගමැති ලෙස පෙන්වාදීමෙන් කිසිඳු ප්‍රයෝජනක් රටට ඇතිනොවේ. ජනාධිපතිතුමා තම විසින් සිදුකරනලද වරද නිවැරදි කළයුතුව තිබේ. ඔහුගේ උපකල්පනයට අනුව එය නිවැරදිනම් පාර්ලිමේන්තුව තුල එය නිවැරදි කලයුතුයි. මක්නිසාදයත් 2019 සඳහා විසර්ජනපනත හෝ අතුරු සම්මත ගිණුමක් සම්මතකරගනීමට නොහැකිව රටේ ඉදිරිගමන පිළිබඳව ජනතාව සාධාරණ බියකින් සහ සැකයකින් සිටී.
නිකම් මොකට බයිල කියනවද ? අන්තර්ජාතිකව නම් ඡන්දය තිබුන හැටි මාධ්‍ය හොඳට පෙන්නුවා. ගැලරියේ තානාපති නිලදාරීනුත් හිටියනෙ.
එසේ කිරීමට ඉඩ නොදෙන කණ්ඩායම්වලට දෙන දඬුවමත් සඳහන් කළා නම් හොඳයි නේද?
මේ කරන වැඩ මහා පුදුමයිනේ.
ඒ කියන්නේ හොර ආණ්ඩුවට බලය ලැබෙනකන් හනුමන්තා එක එක සෙල්ලම් දමනවා කියන එකනේ ?
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් මේ අපේ දේශපාලකයෝ.....
ජනාධිපතිට වුවමනා වී තිබෙන්නේ පාර්ලිමේන්තුව තුලදී මිනි මැරුම් කීපයක් කරවන්න වගේ. ඔය කියන විදිහේ චන්ද විමසීමක් කරන්න සුදුසු පසු බිමක් පාර්ලිමේන්තුව තුල ඇති කරන්න බැරි බව ඔහු හොඳටම දන්නවා.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕන