(නාලක සංජීව දහනායක)
විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස්.ආර් ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.
මෙම වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මහතා එම කමිටුවට උපදෙස් දී තිබේ.
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (9) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් සහබාගි වී ඇත.
COMMENTS
ඔය දේ කරන ගමන් පින් පඩි ගන්න කාර්ය මණ්ඩල සාමාජිකයින් ගැනත් අවධානය යොමු කරන්න. ඔබට පින් සිදු වෙනවා !
බලමුකෝ ඉතින් මොකද වෙන්නේ කියලා........................
වි.විද්‍යාල අනධ්‍යයන එකේ කා.කා. ස ගේ වැටුපට වඩා රාජ්‍ය සේවයේ කා.කා.ස ගේ පඩිය අඩුයි.