IMG-LOGO

විශ්‍රාම යාමේ ඉල්ලීම ඉල්ලා අස්කරගනී

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

නීතීපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විශ‍්‍රාම ගැනීමේ නියමිත කාලයට පෙර එම ධුරයෙන් විශ‍්‍රාම යෑමට ඉල්ලීමක් කර දින කිහිපයක් ඇතුළත එම ඉල්ලීම ඉල්ලා අස්කර ගෙන ඇතැයි නීතීපති දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නියමිත කාලයට පෙර සොලිසිටර් ජනරාල් ධුරයෙන් විශ‍්‍රාම යෑමට කළ ඉල්ලීම රාජ්‍ය සේවා කොමිසමට යැවීමට පෙර ඉල්ලා අස්කර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නීතීපති දෙපාර්තමෙන්තුවේ සේවය කරමින් සිටි වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට පත්කළ අතර දේශපාලනඥයින්ට නඩු පැවරීම් පිළිබඳව ඇය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශයක් හේතුවෙන් ඇය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරෙන් ඉවත්ව යළි නීතීපති දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණියාය.

මේ වන විට දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති දෙපාර්තමෙන්තුවේ දෙවැනියා වශයෙන් සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කරයි.

එසේ සිටියදී නියමිත කාලයට පෙර විශ‍්‍රාම යෑමට වික්‍රමසිංහ මහත්මිය නීතීපතිවරයා වෙත අයදුම කළ අතර එම අයදුම බාරගත් නීතීපතිවරයා ඔහුගේ නිර්දේශයන් ද සහිතව එම අයදුම රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

නීතීපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයෙන් එම අයදුම රාජ්‍ය සේවා කොමිසම වෙත යැවීමට පෙර වික‍්‍රමසිංහ මහත්මිය නීතීපතිවරයා වෙත යළිත් ඉල්ලීමක් කරමින් නියමිත කාලයට පෙර විශ‍්‍රාම යෑමට අයදුම් කරමින් තමන් ඉදිරිපත් කළ අයදුම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා නීතිපතිවරයා අවසර දී ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත් එම උත්සහයන් ව්‍යර්ථ විය.



අදහස් (16)

විශ්‍රාම යාමේ ඉල්ලීම ඉල්ලා අස්කරගනී

rama Thursday, 22 August 2019 11:13 AM

කොහොමත් කරපු වැඩවල හැටියට අලුත් ආණ්ඩුව අාවම අස්වෙලාම යන්න වෙනවනේ...

:       311       194

athuraThursday, 22 August 2019 02:23 PM

මොනවද කරපු වැඩ...?

:       19       89

Chanak los angelesThursday, 22 August 2019 11:49 PM

වැඩටික කරගෙන ආවා යහපාල වැළැක්වුවා ...නැතිනම් මෙවෙලාවේ සාටකයෝ දුෂකයෝ ඔක්කොම ඇඳගෙන ඉන්නේ ජම්පරේයි .

:       0       38

NaleenFriday, 23 August 2019 03:55 AM

ජනාධිපති වරනයට ඉල්ලන්නයි අස්වෙන්න හැදුවේ. දැන් මෙතුමිය වෙනුවට ශිරනි බන්ඩාරනායක ඉල්ලන නිසා මෙතුමිය නැවත සේවයේ යෙදෙන්න තීරණය කරලා

:       0       0

සරණයි Thursday, 22 August 2019 11:58 AM

රටේ අවාසනාව එතුමිය ජනාධිපතිවරණයට කන්ටෙස්ට් කරලා දිනුවා නම් මේ රටේ ‘‘රූල් ඔෆ්ද ලෝ‘‘ හරියට තියේවි.

:       136       352

tdThursday, 22 August 2019 01:39 PM

ඔබගේ අදහස 100% අනුමත කරමි...

:       108       269

BamunuarachchiFriday, 23 August 2019 02:45 AM

නීතිඥයෝ නීතියට අනුව ක්‍රීයා කිරීම ගැනද ප්‍රසිද්ද නැතිනම් නීතියේ හෝ වෙනත් දුර්වල කමක් හොයලා වරද කරුවෙක් බේරා ගැනීමටද ප්‍රසිද්ද. පැමිනිලිකරුවන්ද නීතිඥයන්ගේ සහය සොයන්නේ විත්ති කායින්ද නීතිඥයන්ගේ සහය සොයන්නේ? ‘‘රූල් ඔෆ්ද ලෝ‘‘ ක්‍රීයාත්මක කරන්නේ නීතිඥයෝ නොවෙයි. මට නීතිඥයෝ සතේකට විස්වාස නැත.

:       0       1

විජිත් Thursday, 22 August 2019 12:19 PM

අපට හිටපු හොඳම අල්ලස් සහ දූෂණ කොමසාරිස්තුමිය මැයයි. ඇය තමන්ට අයත් රාජකාරි බොහොම ක්‍රමානුකුලව කරගෙන ගියා. අන්තිමේදී.. මේ ලෝකයේ ඉන්න දූෂිතම අයගේ අල්ලස් නඩු විභාග කිරීමට ගත්විට ඔහු පැමිණියේ නැහැ. කීප වතාවක් පැමිණෙන්න කීවත් ඔහු කිවේ .." ඕවාට වැඩිය මට පාර්ලිමේන්තුවේ වැඩ තියෙනවා" කියලයි. අන්තිමට ඔහු රටේ ඉහළම ඉන්න මෝඩ පාලකයාට ගිහින් කීවා.."මේ ගෑනි මට නිතරම කරදර කරනවා සර් , අනේ ඔය ගෑණු කෙනාව ඔය ජොබ් එකෙන් එළවලා දාන්නකෝ " කියලා. මේ ප්‍රශ්නය යන අතරේ එතුමියට වැටහුණා සිදුවෙන්න යනදේ. ඊට කලින් වැදගත් විදිහට එතුමිය ඒ රැකියාවෙන් ඉල්ලා අස්වී නැවත නීතිපති දෙපාර්තමේන්තුවට ගියා. අදටත් ලංකාවේ මිනිසුන් බොහොම ගරුකරන චරිතයක්...

:       27       1001

RajithaThursday, 22 August 2019 01:41 PM

ඔන්න මමනම් නොවේ.

:       9       38

suddaFriday, 23 August 2019 03:45 AM

ඔයා මොනවා නෙවෙයිද අනේ. ඔන්න නැවක් නේද. නැහැ නැවු 11ක්.

:       0       0

මුණසිංහ Thursday, 22 August 2019 02:22 PM

කාෙහොම නමුත් මෙයාගේ පැටිකිරිය පෙන්නුවා.

:       29       3

Egodaha yanno Thursday, 22 August 2019 03:26 PM

අපි ගරු කරන චරිතයක්

:       19       288

chandima Thursday, 22 August 2019 04:33 PM

ආණ්ඩුව වෙනස් උනාම එන ආණ්ඩුවේ කකුලෙන් අදින්න කට්ටිය නැතිවෙන නිසා අයින් වෙන්න එපා කියන්න ඇති මගේ හිතේ?

:       12       43

කරුණාවති Thursday, 22 August 2019 07:17 PM

ඒක හොඳයි නංගියේ. ඉල්ලුවොත් ඇපත් නැතිවෙනවා...!

:       0       0

gunarathna Friday, 23 August 2019 12:21 AM

මම නම් හිතන්නේ මෙතුමිය ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙන්ට තමා ඉල්ලා අස්වෙලා තියෙන්නේ. කාගේ හරි ලණුවක් කාලා ලියුම දුන්නත් පස්සේ ඉල්ලා අස්කරගත්තේ පැරදුනොත් ෆොන්සේකාට උන දේම මටත් වුනොත් කියලා බයට. හොඳ වෙලාවට කවුරුහරි උපදෙස් දීලා ඇති වහාම ලියුම ඉවත් කරගන්නට කියලා...

:       1       0

lalithm Friday, 23 August 2019 03:15 AM

හරියට වැඩ කලොත් හුඟ දෙනෙකුට රිදෙනවා. පොදු නියමයක්. අලුත් ආණ්ඩුවක් කොහොම වෙතත් හොරකම් කල සහ උදව් දුන්න එවුන් මේ වගේ අය එක්ක තරහ තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 337 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 814 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 147 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site