IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විශ්‍රාමික පදිංචි සහතිකය හෙටට පෙර නොදුන්නොත් මැයි මස සිට විශ්‍රාම වැටුප නෑ

( +++ ජයන්ත සමරකෝන්)

2020 වර්ෂයට අදාළ විශ්‍රාමික පදිංචි සහතිකය ලබාදිය යුතු කාලය හෙටින් (15) අවසන් වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ විශ්‍රාමික සහතිකය තමන් පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්ට අනිවාර්යයෙන්ම බාරදෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් විශ්‍රාමිකයන් වෙත මීට පෙර දැනුම් දී තිබිණි.

හෙටට පෙර (15) මෙම සහතිකය ලබානොදෙන සෑම විශ්‍රාමිකයකුගේම විශ්‍රාම වැටුප ලබන මැයි මස සිට අත්හිටුවන බවට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් විශ්‍රාමිකයින් වෙත යවා ඇති එම ලිපියේ සඳහන් වේ.

සෑම රාජ්‍ය සේවක විශ්‍රාමිකයකුම අදාළ පදිංචි සහතික සම්පූර්ණ කිරීමේදී විශ්‍රාම වැටුප් අංක හා ජාතික හැඳුනුම්පත් අංකය නිවැරැදිව සඳහන් කළ යුතුවේ.

ලබාගන්නා සියලුම විශ්‍රාම වැටුප්වල අංක එක් පදිංචි සහතිකයක ඇතුළත් කළ යුතු අතර වැන්දඹු විශ්‍රාම වැටුපක් ලබන්නේ නම් මියගිය විශ්‍රාමිකයාගේ නම සඳහන් නොකර දැනට විශ්‍රාම වැටුප් ලබන්නාගේ නම පමණක් සඳහන් කළ යුතු බවද එම උපදෙස් පත්‍රිකාවේ දැක්වේ.

විශ්‍රාමිකයන් 640000ක් ඉක්මවා ලියාපදිංචි වී සිටින අතර ඔවුහු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332ක් යටතේ සිය මාසික විශ්‍රාමික වැටුප ලබාගනිති.

 



අදහස් (1)

විශ්‍රාමික පදිංචි සහතිකය හෙටට පෙර නොදුන්නොත් මැයි මස සිට විශ්‍රාම වැටුප නෑ

ajith Friday, 14 February 2020 08:02 AM

මොකටද මේ සහතිකයක් දෙන්න ඕන විශ්‍රාම වැටුප ගන්න. ඒ වගේම තාම විශ්‍රාම වැටුප් ගන්න ප්‍රා.ලේ. කාර්යාලයට යන්න ඕනද? මේක බැංකු වලට දාන්න බැරිද. විශ්‍රාම වැටුප් ලබන අය පෝලිම් වල නිකරුනේ රස්තියාදු කරන එක වරදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site