( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තමන් විවාහක දෙදරු පියෙකු බව සඟවා වසර දෙක හමාරක් තිස්සේ 23 හැවිරිදි තරුණියක හා පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 35 හැවිරිදි හමුදා සෙබළකු අද (20) අලූයම පෙම්වතියගේ නිවසේ සිදුවූ අරාවුලකින් පසු ගෙළ කැපී සිදුවූ බරපතල තුවාල නිසා මරණයට පත්ව ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොටුගොඩ ලංසියාවත්ත පාරේ පදිංචිව සිටි යුද හමුදාවේ හතරවැනි ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ බටලන්ද කඳවුරේ සෙබලකු බව කියන බී.වී. නිසල් නිරෝෂන් නැමැත්තෙක් බව පොලිසිය කියයි.
මියගිය අය වසර දෙක හමාරක පමණ සිට කොටදෙනියාව පොලිස් වසමේ නාවාන මොරගල්කන්ද ප‍්‍රදේශයේ තරුණියක හා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයිද පසුව පෙම්වතා විවාහකයකු බව දැනගත් පෙම්වතිය සම්බන්ධය නවතා ඇති බවද හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
පෙම්වතිය වෙන්වීමෙන් පසු නිතර නිතර ඇගේ නිවසට එමින් මියගිය අය තමන් අමතක නොකරන ලෙස ඉල්ලා කරදර කරන්නට වී ඇතැයිද ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු එසේ නොකරන ලෙසට අවවාද කර ඇති බවද පොලිසිය සදහන් කරයි.
තමන් පෙම්වතියගේ දුරකතනයට දැමූ පෙරගෙවුම් කාඩ් පත් සදහා රුපියල් හැට දහස මුදලක් ආපසු දෙන මෙම සෙබලා ඉල්ලා ඇති බවද පොලිසිය කීය.
එසේ තිබියදී අද (20) අලූයම 12.00 ත් 1.00 ත් අතර කාලයේදී තරුණියට කිසියම් ශබ්දයක් ඇසී පියාට දන්වා බලන අවස්තාවේ වහලයේ උළු කැට කීපයක් ඉවත් කර තිබී ඇති අතර ඒ ගැන විමසිලිමත්වීමේදී නිවස පිටුපස තියුණු පිහියක් අතැතිව සිටි මියගිය අය නිවැසියන් සමඟ අරාවුලකට පැටලී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විවාහය සැඟවූ දෙදරු පෙම්වතා ගෙල කැපි මරුට
bo Wednesday, 21 November 2018 12:18 AM
ගෙදර ගිහින් තමන්ගේ පවුල බලාගන්නේ නැතුව මෙතන ඇවිල්ලා මැරෙනවා.