
(සිතුම් චතුරංග)
වවුනියාව , වෙළිකුලම පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) අලුයම කිසියම් කණ්ඩායමක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
අලුයම මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බව පොලිසිය සඳහන් කළේය.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංග්‍රස් පක්ෂයේ නායක ප්‍රභා ගනේෂන් මහතාද එහි සිට ඇති බවත් බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ පක්ෂ කාර්යාලයේ තිබූ දේපළ කිසිවකට හානි සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකළ පුද්ගලයින් මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඉදිරි පරීක්ෂණ සඳහා වවුනියාව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් යොදවා වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි. වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd