(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙරොයින් මත්කුඩු පැකට් 917ක් රැගෙන යමින් සිටි පුද්ගලයකු දෙහිවල නැදිමාලේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.
මෙම මත්කුඩු තොගය රුපියල් 500,000කට ආසන්න වටිනාකමින් යුක්ත බව පොලිසිය කියයි.
එහි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉමේෂ් මධුසංඛ මහතා ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී බන්ධනාගාර ගතව සිටින ප්‍රධානපෙළ් මත්කුඩු ජාවාරම්කරුවකු වන ‘වෙලේ සුදා’ නැමැත්තාගේ සහෝදරයකුගෙන් මෙම මත්කුඩු පැකට් ලබාගෙන රැගෙන යමින් සිටි බවයි. එම සහෝදරයා ද මේවනවිට බන්ධනාගාර ගතව සිටින බවද පොලිසිය කියයි.
සැකකරු 45 හැවිරිදි තැනැත්තෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අලුත් කොල්ලෝ පොලිසියේ නම බබළවන්න හදනකොට මැරයෝ පිරිසක් ඉඳගෙන පොලිසියේ නම කන හැටි දැක්කහම දුකත් හිතෙනවා.