
(තරංග ගුණරත්න)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන රණවනගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කළු නැමැති පුද්ගලයකු වැලිගම වැලිහිඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
මොහු මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ මගින් ලංකාවට පිටුවහල් කළ අයෙකු බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වැලිගම වැලිහිද ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 960 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැලිගම පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS