(අනීෂා මානගේ)
 
වලස්මුල්ල අන්නාසිවත්ත ප්‍රදේශයේ නිවෙසක අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන ගිනි අවි කම්මලක් වටලා ගිනි අවි සහ ජීව පතුරොම් සමඟ සැකකරුවකු අද(12)අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.
 
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වලස්මුල්ල අන්නාසිවත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙකි.
 
සැකකරුගේ නිවෙසේ පවත්වාගෙන ගියැයි කියන කම්මලක ගිනි අවි නිෂ්පාදනය කරන බවට ලද තොරතුරු අනුව නිලධාරීන් වැටලීම කර තිබිණි.
 
එම තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදන ලද ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, ගිනි අවි සෑදීමට උපයෝගී කරන්නා උපකරණ, පතුරොම් තුවක්කු සඳහා යොදන ජීව පතුරොම්, ටී 56 ජීව පතුරොම් 6ක්, මිලිමීටර 9 වර්ගයේ පතුරොම් 2ක් පොලිස් බාරයට ගෙන තිබේ.