(එම් .සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජේ. විජේසිංහ )
වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාව සතු සියලුම හිස් ඉඩම් තාවකාලික භෝග වගාව සදහා එක් වාර්ෂික ගිවිසුම්ගතව නොමිලයේ වගාකරුවන්ට ලබාදීමට අද (20 ) සිට පියවර ගන්නා බව එම සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා කීවේය .
වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් වැලිවිටිය ,ඇත්කදුර ,තණබද්දෙගම, ගුරුසිංහගොඩ, දිවිතුර යන ප්‍රදේශවල හදුනාගත් හිස් ඉඩම් සියල්ලම ඒ ප්‍රදේශවල පදිංචි අයට හා සමිති සමාගම්වලට තාවකාලික භෝග වගාව සදහා නොමිලයේ ලබාදෙන බවද ලොකුගේ මහතා කීවේය.
මෙසේ ලබාදෙන හිස් ඉඩම්වල තාවකාලික භෝග වගාව හොදින් කරගෙන යන අයට හා සමිති සමාගම්වලට එක් වසරක ගිවිසුම්ගත කාලය තවත් වසරකින් දිගු කර ගැනීමට හැකි බවද ඔහු කීවේය.
ඉදිරියේදී ඇතිවෙතැයි කියන ආහාර හිගයට මුහුණදීම සදහා මේ පියවරගත් බවත් ඒ සදහා සභාවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලැබුනු බවත් සභාපතිවරයා කීවේය .
2025 දෙසැම්බර් මස 04
555
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
490
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිවිටියේ හිස් ඉඩම් තාවකාලික වගාවට නොමිලේ