(කේෂර ගුණතිලක )
වැල්ලවාය බුත්තල මාර්ගයේ වරුණගම ප්‍රදේශයේ දී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක ඇතුළු තිදෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලැබූ බව වැල්ලවාය පොලිසිය පවසයි.
වැල්ලවාය මොනරාගල මාර්ගයේ ආනපල්ලම වරුණගම යුද හමුදා කඳවුර අසලදී මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රීවීල්රථයේ පිටුපස සිටි තිදෙනෙකු සහ ත්‍රීවිල් රථයේ රියදුරු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම යොමු කළ බව වැල්ලවාය පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඌරාවත්ත පැටිඅරඹගේ ප්‍රියන්ත ලාල් ද සිල්වා, ඌරාවත්ත පැටිඅරඹගේ මාලනී ද සිල්වා, පිහිල්ල තැන්නේ ගෙදර රුවන් ප්‍රියදර්ශන යන වයස අවුරුදු (54) , (72) , (41) හැවිරිදි වියේ පසුවන්නෝ වෙති. මොවුන් වැල්ලවාය 5 කණුව ආනපල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.