කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ආහාර ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින කොටුව, පිටකොටුව ප්‍රදේශයේ යාචකයන්ට දිවා ආහාරය ලබාදීමට වේල්ලවීදිය පොලීසියේ නිලධාරීන් අද (27) කටයුතු කර තිබිණි.

ආහාර අලෙවි කරන ස්ථාන වසා දමා තිබීම හේතුවෙන් කොළඹ නගරයේ පොදු ස්ථානවල සිටින යාචකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

වේල්ලවීදිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂණ අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු එහි නිලධාරීහු මෙම කාර්යයේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)