(බී. ජානක)
වැල්ලවත්ත මුහුදු මාවතේ ස්ථාන දෙකකදී ඊයේ (06) අලුයම පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකළ මෝටර් රථය පැදවූ බීමත් හෝටල් කළමණාකාරවරයා ඇතුළු තිදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් සී.ඒ.ධර්මතිලක මහතා අද (07) පස්වවරුවේදී නියෝග කළේය.
අනතුර සිදු කර පලා යමින් සිටි සැකකරු හා මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලවත්ත පාලම අසල මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසියපැවසීය.
මෝටර් රථය පැදවූ රියදුරු වැල්ලවත්ත මුහුදු මාවත, බොස්වෙල් පෙදෙස ආසන්න මාර්ගයේ ගමන් ගත් පාපැදිකරුවෙකු යට කර පලායමින් සිටියදී නැවතත් රාජසිංහ මාවත ආසන්නයේදී ශරීර සුවතාවය සඳහා ගමන්ගත් දෙදෙනෙකුව යටකර පලා යන අයුරු සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 57 හා 77 හැවිරිදි පුද්ගලයෝය. බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වන විට කලුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.
අනතුර සිදු වන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් අනෙක් පුද්ගලයන් දෙදෙනා බීමතින් සිටි බවට පොලිසිය පැවසීය.
අනතුර පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවත් මාරක අනතුරක් සිදු කිරීම සහ රිය අනතුරක් වාර්තා නොකිරීමට අනුබල දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් තිදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වැල්ලවත්තේ බීමත් රියැදුරු රක්ෂිත බන්ධනාගාරයට
kapila Monday, 08 March 2021 12:39 AM
ඇප දීල එලිය දායි. මෙවැනි අපරාධ කරුවන්ට දැඩි දඬුවම් නොදීමේ විපාක විඳින්නේ මහා පාරේ යන මිනිස්සු.
Govinda Nandasena Monday, 08 March 2021 04:16 AM
69 ලක්ෂයෙන් 3 දෙනෙක්ද? එහෙනම් ගොඩ...
dhamneth Monday, 08 March 2021 05:39 AM
පොලිස් නිලධාරීන් ඇතුළු වටිනා ජිවිත රාශියක් රාත්‍රී කාලයේ සමාජ ශාලාවල සිට බීමත්ව රිය පදවාගෙන යන රියදුරන් නිසා රටට අහිමි වුනා.
chathura Monday, 08 March 2021 06:32 AM
මෙතන වැරැද්ද බීමත්ව රියදුරන් නිසා, ඔහු දඬුවම් විඳිය යුතුයි.