(ඩී.ජී.සුගතපාල)
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස වල්ලපට්ට කිලෝ 11ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(23) රුපියල් 25,000ක දඩයක් නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ අඟුලුගහ හටංගල බැදිපිට රණේපුර හේවගේ චමින්ද නමැති විත්තිකරුවෙකුටය.
ඔහුගේ නිවසේ වල්ලපට්ට සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය නිවස පරීක්ෂා කිරීමේදි වල්ලපට්ට තොගය සොයාගෙන ඇත.
ඉමදුව පොලිසියේ සැරයන් කරුණාදාස (6115)මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd