IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෑලියේ සුරාජ් ඇතුළු 14 රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

(ටෝනි කරුණානායක)
 
සංවිධානාත්මක අපරාධ කල්ලියක  නායකයෙකු වන ගනේමුල්ලේ සංජිව නැමැති හෙරොයින් ජාවාරම් කරුගේ ප්‍රධාන ගෝලයෙක් වන වෑලියේ සුරාජ්  ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන  14  දක්වා රඳවා තබාගෙන විමර්ශනය කිරීම සදහා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී ඒ සමරදිවාකර මහතා අද (09) මිනුවන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය .
 
එස්.ටී එෆ්. නිලධාරීන් කණ්ඩායමක් විසින් 08 වෙනිදා මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි සැකකරුවන් දෙදෙනා ව කඩු 03ක්,බලපත්‍රයක් නොමැති වායු රයිෆල් එකක්,හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 360ක් සහ නවින පන්නයේ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට බාර දී තිබුණි .
 
මිනුවන්ගොඩ වෑලියේ පදිංචි 24 හැවිරිදි  ගල්කැටි දේවගේ සුරාජ් රණවක හෙවත් වෑලියේ සුරාජ් නැමැති ආරූඪ නමින් හදුන්වනු ලබන සැකකරුව සහ පත්තඩුවන වැල්ලේගොඩැල්ලේ පදිංචි දිනුස පරාක්‍රම බංඩාර යන සැකකරුවන් දෙදෙනා ව අධිකරණය ට ඉදිරිපත් කර මෙසේ රැදවුම් නියෝග ලබා ගෙන තිබේ .
 
සැකකරුවන් දෙදෙනා හෙරොයින් ජාවාරම් කිරිමේ නිරත වෙමින් සිටියේද යන්නත් වෙනත් අපරාධවලට සම්බන්ධ වී ඇත්දැයි යන්නත් සම්බන්ධයෙන් ගම්පහ කොට්ටාශය බාර ජේ.පො අ .ඉන්දික ද සිල්වා මහතා ගේ අධික්සනය මත ගම්පහ සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතා ගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරික්සක රොහාන් මහේස් මහතා ඇතුළු නිලධාරින් කන්ඩායමක් ව්සින් වැඩිදුරටත් පරික්ෂණ සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ පවසමින් කල ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය  සැකකරුවන් දෙදෙනාව මෙසේ රදවා තබාගෙන විමර්ශනය කිරීම සදහා ම්නුවන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය .
 



අදහස් (0)

වෑලියේ සුරාජ් ඇතුළු 14 රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 148 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site