
(සමන් පාලිත නානායක්කාර)
වැලිමඩ පොලිස් වසමේ හුලංකපොල්ල (49 සී) ගාම නිලධාරී වසම අද 24 දින සිට හුදෙකලා කළ බව වැලිමඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
ඉකුත් 18 දින සිදු කළ පී සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව 38 දෙනකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන තිබේ .
මේ අනුව මෙම ග්‍රාම නිලධාරී වසමට ඇතුල්වීම මෙන්ම පිටවීම ද තහනම් කරනු ලැබ තිබේ. වැලිමඩ හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසමේ පවුල් 350 ක පුද්ගලයින් 3281 වාසය කරන අතර වර්ග කිලෝමීටර් 4.2 ක වපසරියකින් යුක්ත වේ.
කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කළ බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
COMMENTS