IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් නවත්වන්නැයි ගොනු කළ පෙත්සමේ තීන්දුව ජුලි 31 දා

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරනවා යැයි කියන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම පිළිබඳ තීන්දුව ලබන ජූලි 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (24) තීන්දු කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සම  ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම පිළිබඳ තීන්දුව එදිනට ප්‍රකාශයට පත් කිරීමට දින නියම කෙරිණි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරනවා යැයි කියන කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මෙම රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.

මෙම පෙත්සම් විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබියදී ඉකුත් 2019 වසරේ අගෝසතු මාසයේදී එම නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අකැමැති බව එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාව සිටි යසන්ත කෝදාගොඩ මහතා දැනුම් දුන්නේය.

ඉන්පසුව මෙම නඩුව  යළි මුල සිටම වෙනත් විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා තීන්දු කළේය. ඒ අනුව එම පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ යළිත් විභාගයට ගැණිනි.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.

ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ.

වගඋත්තරකාර අමාත්‍ය අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් යටතේ පවුල් 1500 ක් මේවන විට එම වනරක්ෂිතය තුළ නැවත පදිංචි කරවා ඇතැයිද පැවසේ.

මෙම නැවත පදිංචි කිරීම් ජාතින පාරිසරික පනත උල්ලංඝනය වන පවත්, වියළි කලාපයට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍යය වාසයට නුසුදුසු භූමි ප්‍රදේශයක්ද වේ.

පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම් , නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (0)

විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් නවත්වන්නැයි ගොනු කළ පෙත්සමේ තීන්දුව ජුලි 31 දා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6121 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 344 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site