IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


වාලච්චේන කඩදාසි කම්හල විවෘත කිරීමේ තීරණයක්

(දසුන් රාජපක්ෂ වාලච්චේනේ සිට)

අභාවයට ගොස් තිබෙන වාලච්චේන රජයේ කඩදාසි කම්හල නොබෝ දිනකින් නැවත විවෘත කිරීමට නියමිත බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (5) සඳහන් කළේය.

කඩදාසි කර්මාන්ත ශාලාවේ සංවර්ධන කටයුතු සදහා රුපියල් කෝටි 80 ක මුදලක් වැය වනු ඇති බව අපේක්ෂා කළ ද රජයේ අනිකුත් ආයතනවල සහය ඇතිව අඩු වියදමක් දරා එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රජයට අවශ්‍ය කඩදාසි නිෂ්පාදන විදේශ රටවලින් ගෙන්වීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසා මෙම කර්මාන්ත ශාලාවෙන් එම අවශ්‍යතා සපුරා ගැනීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා කීය.

මේ වනවිට වාලච්චේන කඩදාසි කම්හලට අවශ්‍ය ජලය සහ විදුලිය ලබා ගෙන තිබෙන අතර ඉන්දියාවේ තාක්ෂණික ඥානය ලබාගෙන කඩදාසි නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍රවල අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටින බව ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ මහතා පැවසීය. 

නාවික හමුදාවේ යාන්ත්‍රික ඉන්ජිනේරු බලකාය යන්ත්‍රසූත්‍රවලට අවශ්‍ය විදුලිය ලබාගැනීමේ කටයුතු සිදුකරමින් සිටින බව සදහන් කළ ඒ මහතා තම අපේක්ෂාව වන්නේ පාසල් පෙළපොත්වලට අවශ්‍ය කඩදාසි මෙම කම්හල හරහා නිශ්පාදනය කර ජාතික අවශ්‍යතාවයක් වන දේශීය කඩදාසි අවශ්‍යතාව සපුරාලීම බව ඒ මහතා කියා සිටියේය.

1952 වසරේදී වාලච්චේන රජයේ කඩදාසි කම්හල ආරම්භ කළ අතර 1994 වසරේදී එහි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි.

 



අදහස් (13)

වාලච්චේන කඩදාසි කම්හල විවෘත කිරීමේ තීරණයක්

almeida Thursday, 05 March 2020 05:10 AM

ඡන්ද ගුණ්ඩු කියන්නේ මේවට තමයි..

:       450       478

මුණසිංහThursday, 05 March 2020 06:43 AM

හැම දේකටම දේශපාලනය ඉස්සරහට දාගෙන රටක් ගොඩ ගන්න පුලුවන්ද මහත්මයා. ඒ වැඩේ කරනවා නම් ඡන්දයට උනත් කමක් නැහැ නේද? ඇමතියෙක් ගමට එන කොට පාරට තාර දානවා. ඒකෙන් ඇමතිය ආවත්-නාවත් පාරට තාර දැමෙනවා නේද? මැතිවරණයක් නිසා හෝ හොදක් වෙනවානම් ඒක අගය කරන්න.

:       138       30

සෙනෙවිරත්න Thursday, 05 March 2020 08:41 AM

විවෘත කරනවා සද්දෙට, හිතවතුන් දානවා කනවා හොරාම වහලා දානවා, මේ කීවෙනි වතාවටද විවෘත කරන්නෙ? තව තියෙනවා කන්තලේ හිඟුරාණ ඇඹිලිපිටිය කම්හල්

:       5       124

jagath Thursday, 05 March 2020 05:12 AM

ජනතාව රවට්ටන්න හම්බවෙන්නේ නෑ බ්‍රදර් මේ පාර... කෝ අර ඉරාජ් කියන කෙනා නැද්ද දැන්?

:       296       85

lalithm Thursday, 05 March 2020 05:35 AM

මේ කම්හල් කල් ඉකුත් වූ භාණ්ඩ. වැයවන විදුලි බිල් ලැබෙන ආදායමට වඩා වැඩිවේවි... ඔය කරන වියදමට අලුත් පොඩි යන්ත්‍රාගාරයක් ගත්තොත් ඉතාම කාර්යක්ෂම විදියට අඩු වියදම් ක්‍රියාවලියක් ඔය ධාරිතාවම එක්ක ලැබේවි. ඇමතිතුමනි, හිතලා බලන්න.

:       3       36

Hafeel Thursday, 05 March 2020 06:17 AM

තමාට වාඩිවෙන්න රුපියල් ලක්ෂ හයක වටින්න පුටුවක් මහජන මුදලින් ලබාගෙන, දැන් කියනවා රජයේ වියදම් පාලනය කරනවලු. ජනාධිපති කලයුත්තේ මේ වගේ නාස්තිකාරයන් පාලනය කලයුතුයි.

:       15       43

mohan Thursday, 05 March 2020 06:36 AM

තවත් කෝටී ගානක් කාබාසිනියා කරලා දාලා මේක මාස කීපයකින් නවත්තලා දමනු ඇත. 1952 කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර සහ වර්තමානයේ නවීන යන්ත්‍ර අතර වෙනස අහසට පොලව මෙනි. මෙම යන්ත්‍ර අලුත් වැඩියා කිරීම හුදෙක් සිහිනයක් පමණි.

:       3       69

කමල් Thursday, 05 March 2020 06:51 AM

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලත් විවෘත කරන්න.

:       0       13

Rata Perata Thursday, 05 March 2020 07:11 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. මේ වගේ මිනිස්සුන් මේ පාර ගෙදරම තියන්න අපි සූදානම් විය යුතුයි.

:       2       12

Thushara Thursday, 05 March 2020 07:19 AM

මිනිස්සු පක්ෂ පාට නිසා මොනතරම් කුහක වෙලාද මේ අදහස් වලින්. මෙවැනි දෙයක් නැවත ආරම්භ කිරීම ගැන අපි ලාංකිකයන් වශයෙන් සතුටු වෙන්න ඕනේ. ඔලුව තිබනට මොලේ නැහැ..

:       25       104

සනත් ඉතාලිය Thursday, 05 March 2020 09:14 AM

කිසිම දේක හොදක් නොදකින බේසමෙත් කිබුල්ලු දකින කුහක මෝඩ, පාට කන්නඩි වලින් දෑස් අන්ද කරගත් පිරිසක් මෙතන අදස් පලකරන්නෙ

:       9       1

vipula Thursday, 05 March 2020 10:25 AM

තවත් එජාප පාලනයක අයහපත් ප්‍රතිඵලයක් නිසා වහපු කම්හලක්. මේවා යලි ආරම්භ කර රැකියා අවස්ථා ඇතිකරන්න...

:       25       16

menna Thursday, 05 March 2020 02:07 PM

උක්ගස් වවලා කන්තලේ සීනි කර්මාන්තශාලාවත් ආරම්භ කළොත් හොඳයි. විදේශ වලින් මංකොල්ල කන ලාංකිකයන්ගේ ශ්‍රමය වැවිලි කර්මාන්තයටද යොදා ගත්තොත් හොඳයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28786 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11201 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 688 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 208 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site