(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ අද (28) දවස පුරා සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නිවසක නිදන ඇදක් යට බෑගයක සගවා තිබු රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස් දහසක් සමග එම නිවස හිමිකරු අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
එම මුදල් උපයා ගත් ආකාරය හෙලි කර ගැනීමට එම සැකකරු අපොහොසත් වු බව පොලීසිය සදහන් කරයි.
ඒ තරම් විශාල මුදලක් එකවර ඔහුට ලැබුණු ආකාරය කෙසේ දැයි සෙවීමට විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
එම සැකකරු සෞදියේ පරිගනක අලෙවි කරන්නෙකු ලෙස රැකියාව කර ඇති බවද ඔහු සහ බිරිද ඉකුත් දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණ තිබෙන බවද කියති.
එහෙත් ඔවුන්ගේ නිවස දෙස බැලීමේදී එතරම් වත්පොහොසත්කම් ඇති පවුලක් නොවන බවට හෙළි වන බවද උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
කෙසේ වෙතත් 49 හැවිරිදි නිවසේ හිමිකරු හෙට (29) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලිගම මුස්ලිම් නිවසකින් කෝටි එක හමාරක්
Bamunuarachchi Sunday, 28 April 2019 05:17 PM
එ්ක යකාගේ වැඩක්නේ. ත්‍රස්තවාදය වෙනදෙයක්, ගෙදර සල්ලි තිබෙන එක වෙනදෙයක්. මිනිසුන්ට ගෙදර සල්ලි, මැණික් තියාගන්න බැරිද?
සනත් Sunday, 28 April 2019 07:05 PM
පිටරට වැඩ කරල උපයාගත්ත සල්ලි වෙන්න ඇති. ලංකාවෙන් ඩුබායි ගිහිල්ල වැඩකරල කෝටි 1000 ක් විතර වටිනා මැරියට් හෝටලය පටන් ගත්තේ ලංකාවේ මනුස්සයෙක්නෙ.
Roshan Monday, 29 April 2019 06:36 AM
ඔහොම අයව අල්ලනවනම් හැම කෙනාවම පරික්ෂා කරන්න . මුදල් උපයා ගත් ආකාරය හෙලි කර ගැනීමට බැරී අය හැමතැනම ඉන්නවා එකම ජාතියක් ඉල්ලක්ක කර ඔහොම කිරීම මගින් සිදුවන්නේ හොද මිනිස්සුත් ත්‍රස්තවාදීන් දෙසට තල්ලුවිම