(බන්දු තඹවිට සහ ප්‍රේමතිලක පෙරමුණ)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී මෙවර ජනාධිපතිවරණයට සහයෝගය දක්වන ලෙස ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාරකරුවෝ තිදෙනෙක් අද(17) මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
මෙම සත්‍යග්‍රහයට තෙබුවන ග්‍රන්තාකර පිරිවෙන් විහාරාධිපති තෙබුවන ඥානින්ද නායක හිමියන්, බොන්දුපිටියේ නාගතිස්ස හිමියන්, මාවිට ඤාණරතන හිමියන් සමග ප්‍රභාත් විජේවර්ධන, දුමින්ද දයාශාන්ත සහ නාලක සමර සිංහ යන පිරිසද එක්ව සිටියහ.
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ අධාරකරුවෝ පිරිසක් එක්වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ තෙබුවන ඥානින්ද නායක හිමියන් පැවසුවේ කළුතර දිස්ත්‍රික් ජනතාවගෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගෙන තේරී පත්වූ කුමාර වෙල්ගම මහතාගේ සහයෝගය මේ අවස්ථාවේ රටේ අනාගතය තීරණය කිරීමට ඉතාම අවශ්‍ය බවත්, ඒ මහතා තවදුරටත් නිහඬව නොසිට ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය යුතු බවත්ය. ඒ සඳහා මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන බවත් ඒ සඳහා අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් නොමැති වූවහොත් සත්‍යග්‍රහයේ යේදී සිටින පිරිස මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යාමට තීරණය කර ඇති බවත් හිමියෝ ප්‍රකාශ කළහ.
(ඡායාරූප - බන්දු තඹවිට)
(ඡායාරූප - ප්‍රේමතිලක පෙරමුණ)
රජයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 150,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන මධ්‍යම පළාත් හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම අල්ලස් හෝ දූෂණ චෝදනා ව
දන්ත ධාතූන්වහන්සේ ප්‍රදර්ශනය කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ ජාතීන් සහ ආගමිකයන් අතර සහයෝගිතාව වර්ධනනය කරගැනීම බුදුරජාණන් වහන්සේට දක්වන විශාල ගෞරවයක් බව ක
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය
ශ්රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජ
ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට්
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
වෙල්ගම ඉල්ලා මතුගම සත්‍යග්‍රහයක්
sirimal Thursday, 17 October 2019 09:30 AM
පවුල් පාලනයකට ඒ මහත්තයා සහයෝගයක් දෙන්නේ නැහැ කියල කියනවා නේද? මොකටද ඉතින් මේ කාලේ නාස්ති කරන්නේ ? මේ කට්ටිය රටට ආදරයක් තියෙනවානම් කරන්න තියෙන්නේ වෙල්ගම මහත්තයත් එක්ක එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගන්න එකයි. නැත්නම් වෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ ඒ පක්ෂයත් එක පවුලක බුදලය බවට පත්වෙන එකයි.
nimalThursday, 17 October 2019 10:49 AM
සංවිධායක කවුද කියා පැහැදිලියි...!!!
chinthakaThursday, 17 October 2019 11:34 AM
ආදරණිය පියාණන් හිටපු ජනපති, මස්සිනා සංස්ථා සභාපති, දුවත් රජයෙන් වැටුප් ලබනවා. පුත්‍ර රත්නය මෙවර ජනාධිපති අපේක්ෂක... එතකොට සහෝ ඒ පවුල් පාලනයක් නෙමෙයිද? එතකොට සහෝ ඒ පවුල් පාලනයක් නෙමෙයිද? වහල්කම දුරලා මේ අවස්ථාවේදීවත් රට ගැන සිතමු...
senaThursday, 17 October 2019 12:04 PM
ඒ මනුස්සයගේ දේශපාලන ජීවිතේ විනාශ කරන්නද හදන්නේ? රාජපක්ෂ හූවට අහුවෙච්ච කිසිම දේශපාලකයෙක්ගේ දේශපාලන ජිවිතේ සාර්ථක වුනේ නැහැ...
samFriday, 18 October 2019 05:53 AM
පවුල් පාලනයට එතුමා සහයෝගය දෙන්නේ නැත්නම් තමන්ගේ පුතා සේනාල්ව දේශපාලනයට ගෙනත් පළාත් සභාවට යන්න ලාස්තිකරේ ඇයි. එයා උඩින්ම පළාත් සභාව දිඅලා ඉන්නේ. අනික් පුතා ශෂී ප්‍රවාහන මොකක්ද තනතුරකට ගත්තේ වෙල්ගම මහත්තයා ප්‍රවාහන ඇමති කාලේ. දැන් තමයි ඔක්කොම නරක.
එරංග Thursday, 17 October 2019 09:32 AM
තැඹිලි වතුර ලෑස්තිද?
parakumba Thursday, 17 October 2019 09:34 AM
කවටයෝ
Abey Thursday, 17 October 2019 09:36 AM
වර්ණපාල තියරිය වෙන්නැති
kap Thursday, 17 October 2019 09:38 AM
පිස්සුද හැටිද..? මේ රට දියුණු කරන්නේ කොහොමද? ගොන් වැඩ කරන්න මෙච්චර වෙලාව කන්න තියෙද්දී...
චන්න Thursday, 17 October 2019 09:39 AM
NGO සහ බටහිර අධිරාජ්‍යවාදීන් සමග අැමරිකානුවන්ගේ සල්ලි...
pj Thursday, 17 October 2019 09:39 AM
බැනරයට වියදම් කරලා තියෙන ප්‍රමාණය දැක්කාම හිතා ගන්න පුළුවන් කාගේ වැඩක්ද කියලා... කළුතර දිස්ත්‍රික්කයටම මහා සංඝ රත්නය ඉන්නේ හතර නමයිද?
රජින්ද Thursday, 17 October 2019 09:39 AM
වෙල්ගමයාණෙනි, පොහොට්ටුවේ පස්ස දොරින් ගියාට තැඹිලි වීදුරුවකුත් පොවලා ඉස්සරහ දොරින් ආයෙත් ගෙට ගන්න කියලා මහින්දට බල කරන්න නේද ඔහොම කරන්නේ...? අපි බබ්බු නෙවෙයි වෙල්ගමයාණෙනි.!
සුනිල් සමරවීර Thursday, 17 October 2019 09:43 AM
මේ පිං බතාලට වෙන වැඩක් නැද්ද? කාලකන්නි... ආගමට නිගා කරනවා.
ශ්‍රී Thursday, 17 October 2019 09:49 AM
ඔහු බුද්ධ චීවරයට ගිය කළ...
සේනක Thursday, 17 October 2019 09:52 AM
පිස්සු නැත්නම් හොඳයි.. එළිය ඉඳගෙන ලොකුකම් කතා කරලා දැන් බලනවා ඇතුළට යන්න...
kuma Thursday, 17 October 2019 09:53 AM
ඔක්කොම ටික මැරියල්ලා...
Mendis Boossa Thursday, 17 October 2019 09:54 AM
යන එන මං නෑ වගේ...!!!!
Ossan Salam Thursday, 17 October 2019 10:03 AM
වෙල්ගම මහතාගේ ප්‍රජාතන්ත්‍ර අයිතියට බලපෑම් එල්ල කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැත. ඒ මහතාගේ මතයට ගරුකළ යුතුවන අතර එය බලහත්කාරයෙන් වෙනස් කිරීමට යෑම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන අභියෝගයකි.
සෑම් Thursday, 17 October 2019 10:08 AM
ඔහොමවත් මෝඩ වහල්ලු තුන්දෙනෙක් මැරිලා යනවා නම් ලොකු දෙයක්...
රවින් Thursday, 17 October 2019 10:17 AM
දේශපාලකයින්ට ලැජ්ජා, බිය කියන එක ගෑවිලාවත් නැහැ. වාසියට කොන්ද සියට නැවෙයි. උදාහරණ කන්ද උඩරට පැත්තේ ඉන්න රජගෙදර කවටයා. බලමු අපි කොන්ද පණ ඇති එකෙක් හරි ඉන්නවද කියලා...
saliya Thursday, 17 October 2019 10:25 AM
ස්වාමීන්වහන්සේ ලා මෙලෙස බලපෑම් කිරීම විශ්වාස කල නොහැක. මෙය පිටුපස ඉන්නේ වෙල්ගම මහතා ම ද? නැතහොත් වෙන කණ්ඩායමක්ද? කෙසේ වෙතත් මේ ව්දිහට අපේ ආගම ධර්මයට කැළලක් නොකිරීමට වග බලා ගත යුතුය. බුදු දහමට පක්ෂ පාට භේද නොමැත.
hutanFriday, 18 October 2019 04:42 AM
මේක වෙල්ගමයගේම නාට්‍ය තිරරචනයක්. ලොකු ටෝක්ස් දීල හොම්බ බිම අනාගත්තම දැන් තම දේශපාලන පැවැත්ම උදෙසා පොහොට්ටුවට සෙට් වෙන්න දාන නරිනාටක.
NIMAL Thursday, 17 October 2019 10:25 AM
විගඩම් .
sisira Thursday, 17 October 2019 10:54 AM
මේ හාමුදුරුවරු තථාගත ධර්මයට අනුව රාග ද්වේශ හා මෝහ ප්‍රහාණය කර නිවන් මග ප්‍රගුණ කිරීම උදෙසා පැවිදිවුවාද එහමත් නැතිනම් දේශ පාලුවන්ට කඩේ යන්න චීවරය දරාගත් පිරිසක්ද යන්න තමයි මට තියෙන ගැටලුව.
කපුරුහාමි Thursday, 17 October 2019 11:38 AM
මොවුන්ට අමු කැවිලා. චීවරධාරීන්ටත් ලැජ්ජාවක් නැති හැටි. දූෂිත පවුල් පාලනේ ඔවුන්ව බලයට ගේන්ඩද ඕනෑ වෙලා තියෙන්නේ? තමුන් කැමැති ඕනෑම තීරණයක් ගන්න එක තමුන්ගෙ අයිතියක්.... ඒකට බලපෑම් කරන්න හදන්නේ කාගේ හරි වුවමනාවක් ඉෂ්ට කරන්ඩ වෙන්ඩ ඇති...
priyantha Thursday, 17 October 2019 12:08 PM
බෞද්ධ දර්ශනයට විරුද්ධ භික්ෂූන් කිහිප දෙනෙක්...
p.d goonawardena Thursday, 17 October 2019 12:19 PM
නියමයි වල්ගම.. ඕක තමයි පාර... දැන් කියන්න පුළුවන්නේ හාමුදුරුවරු කියන නිසා ආවා කියලා... නිකන් නෙමේ ලොකු ඩිමාන්ඩ් එකකුත් අරගෙන තමයි එන්නේ... පාඩුවේ ඉන්න හලෝ ගෙදරට වෙලා...
samThursday, 17 October 2019 01:22 PM
ඔහොම එකක්... ඉස්සර කටානේ කෙනෙක් කළා. තමන්ගේ ගෙදර වහලට ගමේ ගෑනු නග්ගවලා. ඒ නිසා මේ ගේම ගැනත් විශ්වාස නැහැ තමයි.
Bishan Thursday, 17 October 2019 12:19 PM
තවත් නරි නාටකයක්...
isuru Thursday, 17 October 2019 12:39 PM
මේ ගෝඨාස් ගේමක්...
gunarathnaFriday, 18 October 2019 01:21 AM
ඉසුරු ඔබ හරි.
Amila Thursday, 17 October 2019 01:29 PM
වහාම මානසික රෝහලට මේ අයව යොමු කරන්න. පවුල් අපේක්ෂකයා පරදින නිසා මේ පුද්ගලයන් මානසික ගැටළුවක් ඇතිවෙලා වගේ...
පාල ගාල්ලගේ Thursday, 17 October 2019 02:41 PM
චීවරයට නිඟාදෙන තකතීරුවන් බුදු සසුනට එපා 'මේකත් රණවිරු‘ උපවාසය වගෙයි...
Vijitha Friday, 18 October 2019 12:22 AM
කව්ද පස්සෙන් ඉන්නේ ?
දිනෙශ් අප්පුහාමිTuesday, 22 October 2019 04:56 AM
කවුද ඉතින් වෙල්ගම ම තමයි
siri Friday, 18 October 2019 03:49 AM
වෙල්ගම හොද මනුස්සය ,එය එයාගේ මතයේ ඉදගෙන කියපුව අපහු හරවගන එන්න.නැතිනම් ඔබට වගේම ඔබ වට සිටින අයට මොකද වෙන්නේ?ගෝටභය ගැන ඔබ දරන මතයට වැඩ ජනතාව දරන මතය වෙනස් නිසා, කාගෙවත් බලකිරීමට ආවා කින්න එපා..නැතිනම් ඔබට වෙන්නේ ගිලෙන නැවට වෙලා ඉන්නයි.
දොඩන්ගොඩ Friday, 18 October 2019 06:20 AM
සල්ලි තිබුනට බලය නැතිව ජීවත් වෙන්න බෑ ඒක නිසා තමා මේවා කරන්නේ