
( ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිදු කරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී එහි සිර වාට්ටුවක සඟවා තිබූ ජංගම දුරකතන ඇතුළු උපාංග තොගයක් බුද්ධි අංශ කාන්තා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
බන්ධනාගාරයේ එක්ස් වාට්ටුවේ කරන ලද වැටලීමකදී ජංගම දුරකත 10 ක් ,සිම්පත් 04, හා බැටරි 50 ක් බුද්ධි අංශ බාරයට ගත් බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත කළ මෙම හදිසි මෙහෙයුම කර තිබේ.
මත්කුඩුවලට ඇබ්බැහිවූවන් හා ජාවාරම්කරුවන් රඳවා සිටින මෙම වාට්ටුවේ බිත්තිවල හා ඇඳුම් අතර සඟවා තිබී මෙම තහනම් ද්‍රව්‍ය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා හොඳයි බන්ධනාගාර නිලධාරීන් ටික ඇතුළට දාලා සිරකරුවන් ටික එළියට දැම්මා නම්... පින් පඩි ගෙවනවාට වඩා...