(ජයන්ත සමරකෝන්)

 

කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමේ සිද්ධියෙන් පසු අද (7) සිට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බැලීම අමුත්තන්ට තහනම් කර ඇතැයි එහි උසස් නිලධාරීයකු පැවසීය.

මෙම තහනම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක බවද එම නිලධාරියා කීය.

ඒ සමඟම මෙම බන්ධනාගාරයට ඇතුළුවීම හා පිටවීම පිළිබඳව දැඩි සීමා පනවා ඇතැයි ද වාර්තා වේ.