(මහින්ද නිශ්ශංක)
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පමණක් හෙට (1) දිනයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරිම සිදුනොකරන බව වැඩබලන කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මහතා පැවසීය.
රියදුරු බලපත්‍ර නිකුත් කිරිම සම්බන්ධව නව තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව දෙපාර්තමේන්තු නිලධාරීන්ට විශේෂ පුහුණු වැඩ මුළුවක් අද (31) දින පැවැත්වීම හේතුවෙන් හෙට (1) දිනයේ පමණක් වේරහැර කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් නොකිරිමට තීරණය කළ බවද ඔහු කීය.
මේ අතර ගම්පහ හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින් හෙට (1) දින රියදුරු බලපත්‍ර නිකුත් කිරිම සාමාන්‍ය පරිදි සිදුවන බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම වෙනත් රටක ඉඳන් ඩොලර් 150ක් දීලා, මහකොමසාරිස් හරහා ලයිසන් එක අලුත් කරන්න දුන්නා. දැන් මාස 2ක්, තවම කිසිම තොරතුරක් නෑ. ගෙදරට කාඩ් එක එවලත් නෑ. මේ වගේ වැඩ කරගන්න ඉතින් පගාවම ඕනේ ...
මම මහකොමසාරිස් හරහා ලයිසන් එක අලුත් කරන්න එව්වා, ඩොලර් 150ක් ගෙවලා , මාස 2ක් වෙනවා තවම තොරතුරක් නෑ, ජරාවක් නැතිව වැඩ කරන්න බැහැ.