(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
පසුගිය දින දෙක තිස්සේ නොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම
වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා අද (21) දහවල් වනවිට පවුල් 587ක 2335 දෙනෙකු
අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර
මහතා පැවසිය.
මොණරාගල දිස්ත්‍රික්කයේ ගල්ඔය, කුඹුක්කන්ඔය, වළවේ ගඟ, මැණික් ගඟ, විල්ඔය, හැඩ ඔය ඇතුලු ගංගා
ජලයෙන් පෝෂණය වන දෙටගමුව, කිරිඉබ්බන්ආර, මිගහඅරාව, කිතුල්කටුව, හඹරළුව, අක්කර දෙක, මරගල,
වෙහෙරගල, ඇතුලු ගංගාවන් සියල්ලම අඩි 5-6 උසට ජලය පිටාර ගැලීම නිසා දිස්ත්‍රික්කයට ගංවතුර
තත්වයක් ඇතිවූ බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
වර්ෂාවත් සමග දිස්ත්‍රික්කයේ නිවාස 190ක් හානියට පත්ව එක් ජීවිත අනතුරක් සිදුවූ බව
රවීන්ද්‍ර කුමාර මහතා කීය.
අවතැන් වූ අයගෙන් නිවාසවලට යාමට නොහැකිව සිටින පවුල් 90ක 200ක් පමණ දෙනා තවමත්
කඳවුරු 6ක සිටින බව කියයි.
දිස්ත්‍රික්කයේ ගංවතුර හා නාය යෑම් නිසා මාර්ග අවහිර වී, විදුලි රැහැන් බිමට වැටී, ජල මාර්ග අවහිර වී තිබේ
මේ වනවිටත් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වැසි පවතින බව සහකාර අධ්‍යක්ෂකවරයා කියයි.
සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට (11) පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කළේය.
නොවැම්බර් මස 26 දා සිට ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගා පරීක්ෂා කිරීම අවසන් බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පා
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන සඳුදා(17) පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමට පාර්ලිම
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් ප
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වර්ෂාවෙන් මොණරාගල පවුල් 587ක් අවතැන්