IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව එජාපය නඩු මගට

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගර කොමිසම්  පනත් කෙටුම්පතට එරෙහිව නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර සිටී.

කොළඹ වරාය නගර කොමිසම පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නඩු පවරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ය .

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම  ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බැවින් ඊට එරෙහිව ගත හැකි සියලුම නීතිමය පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නීති අංශ දැනුම්වත් කර අවසන්ය.

කොළඹ වරාය නගර කොමිසම යටතේ වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනදීම, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මුල්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිම හා මුල්‍ය විශුද්ධිකරණයට ඉඩ සැළසීම, වසර 40 ක් දක්වා බදු විරාම පැවරීම යනාදිය මෙන්ම වෙනම පරිපාලන ව්‍යුහයක් රටේ පාලනයට පරිබාහිරින් පිහිටුවීම යනාදී කරුණු තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි කර ඇති බව අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය මෙලෙස නඩු පවරණ බව එජාප නීති අංශ පවසයි.

 



අදහස් (0)

වරාය නගර කොමිසම් පනත් කෙටුම්පතට එරෙහිව එජාපය නඩු මගට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site