IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වරාය නගරයේ නව අවස්ථා ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස්-විදේශ ඇමති සාකච්ඡාවක

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර ද්විපාර්ශවික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමූවූ බව විදේශ කටයුතු අමාතයාංශය කියා සිටී.

විදේශ අමාත්‍යාංශයේ අද (29) පැවති මෙම හමුවේදී වරාය නගර සංවර්ධනයේ නව අවස්ථා ඇතුළුව, එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා වෙළෙඳ සහ ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය  සාකච්ඡා කළ බව ද එම අමාත්‍යාංශය කියා සිටී.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හල්ටන් මහත්මියද වර්තමානයේ දී උනන්දුව සහ අවධානය යොමු වී ඇති ඇතැම් ඉහළ පෙළේ ශ්‍රී ලාංකික සිද්ධීන් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමුවේ  අවධානය යොමු කළාය. 

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ සන්දර්භය තුළ මෙම සමහරක් කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව විදේශ අමාතයාංශය කියා සිටී.

දෙරට අතර පවතින සමීප, දිගු කාලීන, ඓතිහාසික වැදගත්කමකින් යුත්, කල්පවතින සබඳතාව අගය කරන බව සදහන් කළ අමාත්‍ය පීරිස් මහතා  මෙම ඵලදායි හවුල්කාරිත්වය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව  බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය හමුවේ කියා සිටියේය.

තවද ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ දේශීය සංහිඳියා පියවරයන් හා සංවර්ධනය කිරීම සඳහා වූ මෑත කාලීන මුලපිරීම් ඇතුළුව අනාගත ශ්‍රී ලංකා - එක්සත් රාජධානි ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි බලපාන ප්‍රධාන අංශ කිහිපයක් පිළිබඳව මෙහිදී  සාකච්ඡා කෙරුණු අතර ජාතික සමගිය හා සංහිඳියාව, අතුරුදහන් වූවන්, වගවීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල කටයුතු  විදේශ අමාත්‍යවරයා මෙහිදී තානාපතිවරිය වෙත පැහැදිලි කළේය.

තවද නිව්යෝර්ක් හි පැවති 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී, එක්සත් රාජධානියේ දකුණු ආසියාව, එක්සත් ජාතීන් සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා සමඟ පෙර පැවති සුහදශීලී හමුව පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. 

එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සම්බන්ධ කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ සමකාලීන ප්‍රවණතා පිළිබඳ වඩාත් යථාර්ථවාදී අවබෝධයක් ජනනය කිරීම සඳහා අහමඩ් සාමිවරයාගේ මුලපිරීම් පිළිබඳ සංවාදය වැදගත් වන බව අමාත්‍යවරයා මෙහිදී තානාපතිනිය වෙත සඳහන් කළේය.

අමාත්‍ය පීරිස් මැතිතුමා සහ මහ කොමසාරිස් හල්ටන් මහත්මිය අතර පැවති හමුවේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සහ ඒ හා සම්බන්ධ ගැටලු පිළිබඳව ද සඳහන් කෙරිණි.

සාකච්ඡාවේ දී, එක්සත් රාජධානියේ එළඹෙන COP 26 සමුළුවට සහභාගී වීමේ පුළුල් සන්දර්භය තුළ ගෝලීය පාරිසරික මූලාරම්භයන්ට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ධනාත්මක කැපවීම් සහ මෙම ක්ෂේත්‍රය තුළ එහි අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව ද සාකච්ඡා වූ බව ද විදේශ අමාත්‍යාංශය කියා සිටී



අදහස් (0)

වරාය නගරයේ නව අවස්ථා ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස්-විදේශ ඇමති සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 429 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2197 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site