IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


වරෙන්තු තිබුණත් අත්අඩංගුවට නොගන්නයි පෙත්සම් දෙකක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ  නියෝගයක් නිකුත් කරන ලෙසත් , තමාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සහ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ අද  (11) රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ.

තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව ජනමාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බවත් , එය නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිස් ස්ථානාධිපති කපිල අධිකාරි , රංජිත් කුලතුංග , වැඩබලන පොලිස්පති , පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුක්‍ පිරිසක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (20)

වරෙන්තු තිබුණත් අත්අඩංගුවට නොගන්නයි පෙත්සම් දෙකක්

siri Tuesday, 11 August 2020 11:00 AM

නඩුත් හාමදුරුවන්ගේ බඩුත් හාමදුරුවන්ගේ වෙයිද.?

:       41       473

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 11 August 2020 12:13 PM

කෙනෙකු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා තමයි අධිකරණය බාර විනිසුරුතුමා වරෙන්තු නිකුත් කරන්නේ. එම වරෙන්තුව තවත් අධිකරණයකින් වළක්වනවා කියා හිතන්නට බැහැ. ඒත්, එසේ කරන්න ගියා අධිකරණයටම ගොස් තිබෙනවා. මේක පුදුමෙනුත් පුදුම මිනිසුන් ඉන්න රටක්...

:       313       1028

විජිත් Tuesday, 11 August 2020 04:03 PM

සමිත පුදුම වෙන්න එපා. මේ බයිලන්තය. මේ රටේ තියෙන්නේ මහා පුදුම නීති.. හොරෙක් මොනවා හරි උස්සලා පොලිසියෙන් අල්ලගන්න එලවද්දී.., හොරා උසාවියේ විනිශ්චයකාරතුමාට කියනවා " අනේ ස්වාමිනි, මාව අල්ලලා කූඩුවේ දමන්න එපා" කියලා පොලිස්කාරයින්ට කියන්න කියලා. ඒවගේම හොරා ඉල්ලපු විදිහටම නඩුකාරයා පොලිසියට අවවාද කරනවා. හොරා පොලිසියට කොකා පෙන්වලා යනවා. මේ රටේ ජනාධිපතිත් උසාවියේදී නඩුකාරයා ඉදිරියේ හඬාවැටී ඒ වගේම ඉල්ලීමක් කළා මතකද..? දැන් කෝ සුනාමි හොරා..? තාජුදීන් මැරු මිනීමරු සාතන්ගේ පුත්තු... ඔවුන් අද ඉන්නේ සිටිය යුතු තැනද..? ඔයාට මතකද රතුපස්වලදී වතුර ඉල්ලලා කල උද්ඝෝෂණයේදී කීප දෙනෙක් වෙඩි වැදී මැරුණා. ඒ රතුපස්වල මිනිස්සු, ඒ මිනීමරු පක්ෂයට 75%ක් විතර ඡන්දය දීලාලු. අපේ රටේ බහුතරයකගේ විඥානය පිළිබඳ ප්‍රශ්නය දැන් ඔඩු දුවලා...

:       2       1065

Champa Tuesday, 11 August 2020 12:53 PM

වරෙන්තුවක් නිකුත් කළාටත් පස්සේ චූදිතයා කොහොමද ඒක අවලංගු කරන්න කියලා අභියාචනා කරන්නේ? කුරුණෑගල මහේස්ත්‍රාත්තුමා නියෝගය නිකුත් කලේ පොලීසියට. අභියාචනාධිකරණය වරෙන්තුකරුවාගේ පැත්ත ගන්නවා නම් මින් පස්සේ ඔක්කොම මිනීමරුවන්, හොරුන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියෙන් හැංගිලා ඉඳගෙන මේ වගේ පෙත්සම් ඉදිරිපත් කරයි. මේකේ තීන්දුව චූදිතයාට වාසි වුණොත්, අධිකරණය, අධිකරණය විසින්ම හෑල්ලු කරන ලංකාවේ නීතියේ ගෝත්‍රික අවිචාරත්වය ලෝකෙටම පෙනෙයි.

:       132       814

Kamal KoyralaTuesday, 11 August 2020 03:17 PM

වරෙන්තු නිකුත් කරා කියලා දැනගෙන තියෙන්නේ මාධ්‍යයෙන්.. පුරවැසියනි, නිතිපතා ප්‍රවෘත්ති බලන්න... ඔබට විරුද්ධවත් වරෙන්තුවක් නිකුත්කර ඇත්දැයි කියා දැනගන්න.

:       251       286

ChampaTuesday, 11 August 2020 04:43 PM

මාධ්‍ය වල දාන්න වුනේ හැංගිලා ඉන්න හින්දනේ. තමන්ට වරෙන්තුවක් නිකුත් කලේ මොකද කියලා දන්නේ නැත්ද? නීතිගරුක පුරවැසියෙක් නම්, නගරාධිපති කෙනෙකුත් වෙලා, කරන්න ඕනේ පොලිසියට බාර වෙන එක. අධිකරණයත් කියන්න ඕනේ එහෙම. මාධ්‍ය හමුවක් තියලා අභියෝග කරල දැන් හැංගිලා ඉන්නේ මොකද? නගරාධිපති බුල්ඩෝසර් කලේ නිකම් තැනක් නෙමෙයි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් කියලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිල වශයෙන් නම් කරලා දැන්වීමකුත් දමලා තිබ්බ තැනක්... මේ කරලා තියෙන්නේ බරපතල වරදක්....

:       0       407

ravinTuesday, 11 August 2020 06:03 PM

චම්පා මේ කමල් කියන අංගොඩින් පැන්න කෙනාගේ කතා ගණන් ගන්න එපා. ඔහේ කියවනවා... කියන්නේ මොනවද කියලවත් නොදන්නා කෙනෙක්. එයාට දවසක හොඳ බෙහෙතක් ලැබේවි ඔහොම ගියාම...

:       56       7

Keppetipola Tuesday, 11 August 2020 01:09 PM

බලය ලැබුණා විතරයි, ජොනී සහ එයාගෙ ගෝල බාලයින් නැවතත් වැඩ පටන් අරන්. ජොනී වගේ දූෂිතයින් ඉන්නකම් ගෝඨාට රට හදන්න අමාරු වෙනවා...

:       145       1502

ChampaTuesday, 11 August 2020 02:00 PM

ජොනීට කොහෙන්ද ඔහොම බලයක්? රට හදනවා කිව්ව ඉහළම තැනින්ම තමයි චූදිතයාව ආරක්ෂා කරන්නේ...

:       4       605

Kamal KoyralaTuesday, 11 August 2020 03:19 PM

ජොනී, සුපිරි දේශපාලනයක් වචනයකින් හරි දෙයක් කීවොත් කරනවාමයි.

:       205       33

බද්රානි Tuesday, 11 August 2020 01:43 PM

අපිට නම්, ඔය බුවනෙකලාගේ මණ්ඩප වැදගත් නැහැ. දැන් ඉතින් වැල යන පැත්තට මැස්ස ගහ ගන්නවා විනා, මෙතන දඟලලා වැඩක් නැහැ. මේකේ පයගහලා ජීවත් වෙන්න ඕනෑනම්, ඔවුන්ගේ මාෆියා කල්ලියකට බැඳිලා ගානක් පොකට් එකට වැටෙන ක්‍රම හදා ගන්නයි ඕනෑ. මාෆියා කැලෑ නීතියට ඔය කොයි නීතියත් යටයි. පූජකයින්ට පින්සිදු වන්නට මුනි බණ වෙනුවට වැදි බණ පිළිගත්තා... අපිට දැන් කෙටේරිය කරේ තියාගෙන යන්න කාලය හරි. මානව පරිණාමය කියන්නේ ඔන්න ඕකටයි. එහෙම නැති මානවයාට මේ සිරි ලංකාව තුළ නම් පැවැත්මක් නුදුරු අනාගතයේදී ඇත්තෙම නැත..

:       2       849

Banda Tuesday, 11 August 2020 01:53 PM

2015 දී ඇනගත්තෙ මේ වගේ දේවල් නිසා. ආණ්ඩුව කල්පනාකාරී වෙයි කියලා හිතනවා.

:       13       205

MalikaTuesday, 11 August 2020 04:11 PM

මේකට සම්බන්ධ ජොනියා විතරද කියලා හැමෝම බුද්ධියෙන් හිතලා බලන්න. ජොනියාට ඔච්චර හයියක් දෙයිද? සීතිම ඔබට බාරයි.

:       0       186

විජිත් Tuesday, 11 August 2020 09:58 PM

ඕක හිතහිතා ඉන්න දෙයක් නොවෙයි.. මේක පිටුපස ඉන්නේ " මැදමුලන කට්ටිය..!!! එයාලාට ඕන වුණාලු පවුලේ හෝටලය ඔතන හදන්න. ඒ කොන්ත්‍රාත් එක දුන්නේ මාලදිවයින් හෙවත් අරක්කු මුදලාලියාටයි. ජෝනීගේ හයිය ගත්ත නගරාධිපති පැරණි ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටස කඩාදැම්මා. ප්‍රශ්නය ඇදුණාම ජොනී තර්ජනය කළා පොලිසියට... එහෙමනේ වුණේ...

:       0       26

Warnakulasuriya Thursday, 13 August 2020 10:55 AM

විජිත් කියන එකේ යම් ඇත්තක් තිබෙනවා. මෙතන එක්කෝ ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ අවශ්‍යතාවයක් නැති නම් මැදමුලන අවශ්‍යතාවයක් බව පැහැදිළියි. මැදමුලන සම්බන්ධතාවයක් නොමැති නම් ගෝඨාභය ජනාධිපතිවරයා ජෝන්ස්ටන් බලය ඉදිරියේ සැහැල්ලුවට ලක්විමක් සිදුවෙනවා.

:       0       0

Asanga Tuesday, 11 August 2020 02:25 PM

ඔව්, දැන් ඉතින් නීතිය නමන්න හොඳයි. මොකද ජොන්ස්ටන් මේක පිටිපස්සේ ඉන්නවනේ.. ජනාධිපතිතුමනි, මෙය ඔබේ අවධානය පිණිසයි. නීතිය නවන දේශපාලකයින් නිහඬ කළ යුතුයි. නැතිනම් හෑල්ලුවට ලක්වන්නේ අපේ රටේ නීතිය...

:       82       170

Rata Perata Tuesday, 11 August 2020 03:43 PM

රටේ නායකයාගෙන් උපදෙස් අරගෙන වගේ... එයත් කොච්චර වෙට්ටු දැම්මද? උසාවියට බලයට එනකම්...

:       51       348

isuru Tuesday, 11 August 2020 05:11 PM

එකම රටක්, එකම නීතියක්, අධිකරණයේ ස්වාධීනත්වය නැති රටක අතරමං වූ මිනිස්සු...

:       0       5

Bishan Tuesday, 11 August 2020 07:13 PM

මේක නම් බයිලන්තයක්ම තමයි.

:       0       11

Rohana Wednesday, 12 August 2020 01:40 AM

අර ගල් තුනෙන් කවුරුහරි එක ගලක් බුරුල්කරන්න උත්සාහ කරනවා වගෙයි පේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඉලංගෙයි තමිල් අරුසකච්ඡ නව ලේකම් සුමන්දිරන්
2025 පෙබරවාරි මස 16 271 0

ඉලංගෙයි තමිල් අරුසකච්ඡ පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව


කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි
2025 පෙබරවාරි මස 16 1262 0

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට


තිස්ස පැත්තකට වෙයි
2025 පෙබරවාරි මස 16 1951 4

එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ම


අයවැය අරන් ජනපති හෙට මැතිසබයට
2025 පෙබරවාරි මස 16 609 0

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


වාර්ෂික කලා පොළෙන්
2025 පෙබරවාරි මස 16 383 0

ශ්‍රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියම වාර්ෂික උත්සවය වන ‘කලා පොළ 2025’ එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31 වැනි අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (16) පැව


පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා
2025 පෙබරවාරි මස 16 975 1

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 274 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 142 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 971 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site