IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විරෝධතාවයක් නිසා වනජීවි නිලධාරීන්ට දුන් ඇප අහෝසි වෙයි

(වසන්ත චන්ද්‍රපාල)

වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වනජීවි නිලධාරීන් පස්දෙනෙකුට පොතුවිල් මහේස්ත්‍රාත් මොහොමඩ් රාපි මහතා ඇප අද (24) ඇප ලබා දුන්නද එයට පැමිණි විරෝධතාවයක් හේතුවෙන් යළි ඇප අහෝසි මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

පසුගිය 21 වැනිදා පානමින් මුහුදු ගිය තිදෙනෙකු මුහුදේ රළ පහර සහ සුළං වැඩිවීමත් සමඟම කුමන ජාතික වන උද්‍යානයට  අයත් ගොඩබිමට  පැමිණ ඇති අතර වර්ෂාව අඩුවෙනතුරු මෙම පිරිස පැය දෙකක පමණ කාලයක් මුහුදු වෙරළේ සිටියදී හදිසියේම එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් පිරිසක් මොවුනට වෙඩි තබා තිබේ.

එම අවස්ථාවේ එම ධීවරයින් බියට පත්ව බෝට්ටුවට නැග මුහුදට යන අවස්ථාවේ වනජීවි නිලධාරින් විසින් බෝට්ටුවට වෙඩි තබා ඇති අතර එහිදි බෝට්ටුවේ  සිටි ධිවරයකුට වෙඩි වැදී ඇත.

පසුව තුවාලකරු පානම රෝහලට ඇතුළත් කර ඇති අතර පානම රෝහලින් පොතුවිල් රෝහලට ඇතුළත් කර පොතුවිල් මූලික රෝහලින් අම්පාර මහා රෝහලට යවා තිබේ.

මෙම නිලධාරීන්ට ඇප නියම කිරීමෙන් පසු එයට උරණ වූ පිරිසක් මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වනජීවී නිලධාරීන්ට විරෝධය දැක්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පසුව මහේස්ත්‍රාත්වරයා විසින් වනජීවී නිලධාරීන්ට දුන් ඇප අහෝසි කර ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාර ගතකරන ලෙස නැවත නියෝග කළේය.

අම්පාර රෝහලේ දී මෙම ධීවරයාට ශල්‍යකර්මයක් කර ඇති අතර දැනට අම්පාර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසුව ධීවරයින් මේ පිළිබඳව පානම පොලිසියට පැමිණිලි කර ඇති අතර වනජීවි නිලධාරින් ද බී වාර්තාවක් මගින් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.



අදහස් (2)

විරෝධතාවයක් නිසා වනජීවි නිලධාරීන්ට දුන් ඇප අහෝසි වෙයි

Prabha Thursday, 24 October 2019 01:46 PM

ඒකනම් අපූරු නීතියක්.

:       0       45

MaheeThursday, 24 October 2019 02:28 PM

අපුරුයි කියන්නේ මමත් මේ ඇහුවමයි. මුලින් ඇප නියම කරන්න ඇත්තේ හේතු සාධක ඇතුවනේ... මිනිස්සු නඩුකාරයට ඇහෙන්න සද්දේ දැම්මාම ඇප අහෝසි කරනවා නම් එක්කෝ නඩුකාරයා මුලින් ඇප නියම කලේ වැරදි විදිහට... නැත්නම් මිනිස්සුන්ට බයේ නීතිය වෙනස් කළා වෙනවා. කොයි එක ගත්තත් වැරදියි.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site