(ඉන්දිකා රාමනායක)
වාද්දුව සිට රාගම බලා ධාවනය වූ තිබූ දුම්රියක නියාමකවරයාට දෙහිවල දුම්රිය ස්ථානයේදී පහර දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දෙහිවල දුම්රිය ස්ථානය නතර කළ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා මුහුණු ආවරණ නොමැතිව එයට ගොඩවීම උත්සාහ කර ඇති අතර නියාමකවරයා ඔවුන්ට විරෝධය දක්වා..මුහුණු ආවරණ පැළඳ දුම්රියට ඇතුල් වන ලෙස දැනුම්දී ඇත.
එයට උරණ වූ තරුණයන් දෙදෙනා නියාමකවරයා ට පහර දී ඇතැයි ද පැවසේ.
නියාමකවරයා ට පහරදුන් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20, 27 යන වයස්වල පසුවන්නන් බවත් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම වන ජීවි නිලධාරීන්, ඊළඟට ගුරුවරුන්, දැන් දුම්රිය නියාමකවරුන්, දවසින් දවස පිම්පියන්ගේ පෝලිමට රාජ්‍ය සේවකයින් එකතුවන හැටි...
මේ දවස්වල මිනිස්සු හැමෝම පීඩනයෙන් ඉන්නේ.