IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා

වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.

එය තාක්ෂණික දෝෂයක් නිසා සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් බවත්, ඒ ගැන දැඩි ලෙස කනගාටුවන බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පාකිස්තානයට දන්වා ඇත.

මෙම 'අත්වැරදීම' සිදුවී ඇත්තේ පසුගිය මාර්තු 9 වැනිදාය. ඒ, මිසයිල පද්ධති අලුත්වැඩියා කරද්දී සිදුවුණු තාක්ෂණික දෝෂයක් නිසා බව ද ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විදිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ. මිසයිල ප්‍රහාරයෙන් පාකිස්තානයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. දේපොල හානියක් ද සිදුවී නැත.

පාකිස්තාන හමුදාව පවසන පරිදි මිසයිලය පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී කිලෝ මීටර් 100 ක දුරක් ගමන් කර තිබේ. ඒ, අඩි 40,000 ක් ඉහළින් ශබ්දයට වඩා තුන් ගුණයක වේගයකිනි. මිසයිලයට කිසිදු යුද ශීර්ෂයක් (පුපුරන ද්‍රව්‍ය) සම්බන්ධ කර නොතිබුණු බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (11)

වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් යවලා

ravin Saturday, 12 March 2022 08:47 AM

ඔය කියන අත්වැරැද්ද යුද්ධයකට පරිවර්තනය වෙන්න ඉඩතිබුණා නේද? නරකද මුළු ලෝකයම අපිට විතරක් කියාදෙන්න හදන සහජීවන කට්ටිය අනිකුත් රටවලටත් සහජීවනය කියා දුන්නොත්?

:       0       12

Indika Saturday, 12 March 2022 09:34 AM

වැරදීමකින් අපේ පාර්ලිමේන්තුවට මිසයිලයක් යවන්න බැරිද?

:       1       41

Perera Saturday, 12 March 2022 12:02 PM

අපේ හමුදාවටත් ඔහොම ‘‘වැරදිලා‘‘ මල්ටි බැරල් එකක් හරි, RPG එකක් හරි, පාර්ලිමේන්තුවට යවාගන්න බැරිද? 

:       0       14

de silva Saturday, 12 March 2022 12:44 PM

ඉන්දික මිසයිල නොව ජනතාව මගරැකලා ඉඳලා, යන එන හොරුන්ට ගල්ප්‍රහාර එල්ලකරන දිනය අතළඟයි...

:       12       14

NuwanSaturday, 12 March 2022 03:12 PM

වෙන රටවල එවැනි නිර්භීත අයුක්තිය අසාධාරණය නොඉවසන ජනතාව ඉන්නවා. අපේ රටේ නම් නැවත කිසිදාක දකින්න ලැබෙන්නේ නැහැ...

:       3       10

BamunuarachchiSaturday, 12 March 2022 03:57 PM

රා බීපු මීයෙකුත් බළලාගේ කරේ සීනුවක් එල්ලන්න කතා වුණා වෙරිමරගාතේ... හලෝ වෙරි බැස්සාම ලියපු ප්‍රතිචාර නැවත කියවා බලන්න.

:       12       4

Bamunuarachchi Saturday, 12 March 2022 03:54 PM

පුටින්ට වැරදුනොත් මාර වැඩක් වෙයි නේද?

:       5       5

Kumara Saturday, 12 March 2022 03:54 PM

ඇයි මැදමුලනට ගියොත් නරකද?

:       4       11

BamunuarachchiSaturday, 12 March 2022 04:43 PM

ජාතිය ගැන හිතන සිංහලයෙක් ඔහොම හිතන්නේ නැහැ. 2009 බැට කාපු දෙමළෙක් හැරෙන්නට.... ඒත් ගුණමකු සිංහලයිනුත් රටේ ඉන්නවා...

:       25       4

BamunuarachchiMonday, 14 March 2022 09:39 AM

ප්‍රභාකරන්ටත් බැරිවුණා නම් මැදමූලනට මොන බම්බුවක් කරන්නද?

:       1       0

fairoosTuesday, 15 March 2022 07:39 PM

බමුණා රාජපක්ෂ පවුලේ කෙනෙක් වගේ... බෝම්බ දාන්න ඕනෙ නැහැ... හෙණ වදිනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1988 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 627 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site