(යොහාන් භාසුර)

දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යහන 12.00 සිට පැය හතරකට අධික කාලයක් පැවැත්වූ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 30 ක් පමණ අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’ පැවසීය.

වර්ජනයක් හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ කාර්යාල  නිමවී නිවැස්බලා ගමන් ගන්නා මගී ජනතාව දැඩි අපහාසුතාවයට ලක්වනු දැක ගත හැකි විය.

බොහෝ දුම්රිය පළමු ගමන් වාරය සම්පූර්ණ කර ඇති බැවින් ප්‍රමාද වී හෝ සියලුම දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් කීය.

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)