IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වීරකැටියේ ගම්මු දක්ෂිණ අධිවේගය අවහිර කරති

(අනීෂා මානගේ)

වීරකැටිය බැදිගම ප්‍රදේශයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය අවහිර කරමින් අද (17) ප්‍රදේශවාසීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී පවරා ගත් ඉඩම්වලට වන්දි ලබා නොදීම, නිවාසවලට ප්‍රවේශ මාර්ග අවහිර වීම, අධික දුහුවිල්ල පැවතීම ඇතුළු අපහසුතා රැසක් ඇති බව කියමින් ගම්වාසීහු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

වීරකැටිය මැදගොඩ සහ මල්බෙරිම ගම්වාසීහු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර මොවුන් පැය එකහමාරක පමණ කාලයක් දක්ෂිණ අධිවේගී මාර්ගය බැදිගම ගුවන් පාලම අසලින් අවහිර කළහ.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා පවරාගත් ඉඩම් වෙනුවට වන්දි සහ පොලී මුදල් ලබා නොදීම, බර වාහන ධාවනය කිරීම හේතුවෙන් ඇතිවන දුහුවිල්ල නිසා අවට නිවෙස්වල වාසය කිරීමට අපහසු වීම, වසර 5 කින් පමණ දුහුවිලි බද්ද නොගෙවීම, ඇතැම් නිවාසවල ප්‍රවේශ මාර්ග අවහිර වීම ආදී ගැටළු රාශියක් හේතුවෙන් මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මංතීරු හතර ටයර් සහ ගල් යොදා අවහිර කළ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සහ දක්ෂිණ අධිවේගී මාර්ග වැඩබිම්වල වාහන ධාවනය කිරීමට ඉඩ නොදුන්හ.



අදහස් (3)

වීරකැටියේ ගම්මු දක්ෂිණ අධිවේගය අවහිර කරති

දිමුත් Monday, 17 February 2020 06:46 AM

ඕං මිනිස්සු ගැන හිතලා සංවර්ධනේ කරන හැටි.........................

:       148       21

Pisaa Monday, 17 February 2020 07:31 AM

ගෝඨා මහත්තයා ගිහිල්ලා මේක ඉවර කරලා දාන්න.

:       0       1

Pradeep Monday, 17 February 2020 08:02 AM

රටක සංවර්ධන ක්‍රියාවලි යනු අත්‍යවශ්‍ය කාරණාවකි. නමුත් සාමාන්‍ය වැසියන්ට හිංසා පීඩා වන අයුරින් කරනා සංවර්ධනයේ පලක් තියේවිද. ඔවුන්ගේ ගැටළු සැබෑ අයුරින් නොදැක ඔවුන්ට එරෙහිව හඩක් නැගීම නොවටී..

:       16       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site