
(සුජිත් හේවාජුලිගේ )
අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි හෙට (21) සිට ආරම්භ කෙරේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රවීන්ද්‍රජිත් මහතා පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ එම වයස් කාණ්ඩයේ එන්නත්කරණ කටයුතු සාර්ථකව ක්‍රියාත්මකවූ බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීමේ කටයුතු ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වුණු බවත් එහිදී දරුවන් විශාල ප්‍රමාණයක් එන්නත ලබාගත් බවත් ඔහු සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා ඒකකය මෙම කටයුතු සම්බන්ධීකරණය කරයි.
තම දරුවන්ට එන්නත ලබා දෙන ලෙස මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව මහාචාර්යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd