(නිමල කොඩිතුවක්කු)
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය.
අද පස්වරු 4.00 ට පමණ ආරම්භ වූ මෙම සත්‍යග්‍රහය සඳහා ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
‘‘ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රට අනතුරේ‘‘ යන තේමාවෙන් එය ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, දයා ගමගේ ,චන්ද්‍රානි බන්ඩාර, හර්ෂ ද සිල්වා, මුජබර් රහුමාන්, අජිත් පී පෙරේරා, ආංශු මාරසිංහ යන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප : ඉෂාන් සංජීව




COMMENTS
පසුගිය අවුරුදු 3 රටට වැඩක් කලානම් මෙහෙම සත්‍යග්‍රහ කරන්න ඕනේ නැහැ. බය නැතිව ඡන්දෙට යන්න තිබුනා. දැන් ඡන්දෙ නැවත ගන්නත් සත්‍යග්‍රහ කරනවා .මේවා මාර විහිලුනේ .
කාලකණ්ණි ටික එකපාරටම මේ රටින් චුතවෙන්න.
සත්‍යග්‍රහයක් නෙමෙයි මාරන්තික උපවාස කලත් රටේ ජනතාව තිරණය කරලා ඉවරයි ඊලඟට මොනවාද කරන්න ඕනි කියලා. ඒනිසා නිකම් කාලය අපතේ යවන්නේ නැතිව යන්න.
නැහැ නැහැ එහෙම කියන්න එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්... එමනිසා මැරෙනතුරුම උපවාස කරන්න අපේ මොරාල් සපෝට් එක දෙමු. අපි බලමු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කව්ද ඉස්සෙල්ලා මක බෑවෙන්නේ කියලා. එයා වෙනුවෙන් මම භූමදානය ලැහැස්ති කරනවා.
රටට කිසිම අනතුරක් නැහැ. එකම අනතුර එන්ජීඕ වලින් බඩවියත රැකගන්නා අය රටට කරන අනතුරු හැරෙන්නට.
සත්‍යග්‍රහය හොදයි.. ෆෑන් නැතුව කරානම්.. විනාඩි 5 ක්වත් ඒසී, ෆෑන් නැතුව ඉන්න බැරි අය. ෆෑන් දාගෙන සත්‍යග්‍රහ කරනවා..
රට හූරන්කාපු ලෝක හොරු හැත්තක් කරන මේ ප්‍රෝඩාවන් කරලා ජනතාව තවත් මෝඩයට අන්දන්නයි හදන්නේ... සත්‍යග්‍රහය කියන වචනයටත් නින්දාවක්...
මහින්දටම ආවඩන්නේ නැතිව හරි දේ හිතන්න.