IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


වයිරස්වලින් ආරක්ෂාවෙන්න දේශීය ඖෂධයක්

(රංජන් කස්තුරි)

දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් නිපදවා ඇති ‘‘ප්‍රාණ‘‘ නැමැති ඖෂධය සිරුරේ ප්‍රාථමික ශක්තිය  ඉහළ නංවන්නක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයකින්  තහවුරු වි ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා පශු විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

එම ඖෂධයට ශරීරයේ වේගයෙන් පැතිරෙන වයිරස් හා බැක්ටීරියා වැනි විෂබීජවලට එරෙහිව සටන් කර සිරුර ආරක්ෂා කිරීම සඳහා සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය වැඩි කිරීමේ හැකියාවක් තිබෙන බව ද ඒ මහතා කියයි.

සිරුරේ ප්‍රාථමික ප්‍රතිශක්තිය ඉහළ නැංවීම මගින් විවිධ වයිරස් රෝගවලින් ආරක්ෂා විය හැකි බව ද මහාචාර්යවරයා කියයි.

සමාජය තුළ වේගයෙන් පැතිරෙන විවිධ වයිරස් ප්‍රභේදවලින්  ආරක්ෂාවීමට නම් සිරුරේ ප්‍රාථමික ශක්තිය ඉහළ නැංවීම අවශ්‍ය බව ද මහාචාර්ය ජයන්ත රජපක්ෂ මහතා කීය

ඒ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයේ වාර්තාව එළිදැක්වීම සඳහා පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ පැවැති  මාධ්‍ය හමුවකදී  මහාචාර්ය රාජපක්ෂ මහතා මෙම කරුණු සඳහන් කළේය.



අදහස් (10)

වයිරස්වලින් ආරක්ෂාවෙන්න දේශීය ඖෂධයක්

කිරිපුතා Monday, 12 July 2021 03:04 PM

බටහිර වෙදකම ඉගෙනගෙන ඉන්න මහත්වරුන් කළබළවෙයිද දන්නෙ නෑ.

:       5       66

Gamini Ranasinghe Monday, 12 July 2021 03:56 PM

මේ වගේ අය තමයි මිථ්‍යා පතුරුවන්න උදවු වෙන්නේ. මොනවා දැනගෙනද මේ විකාර කියවන්නේ...? ලෝකයේ ඉතාම පහළ මට්ටමේ ඇති ලංකාවේ විශ්ව විද්‍යාල වල මොන පර්යේෂණද? උගන්ඩාවේ තියනවා මීට වඩා හොඳ විශ්ව විද්‍යාල. මේ අය එක්කෝ නොදන්න මගුල් කතා කරනවා... නැත්නම් කඩේයනවා..

:       0       2

Sri Lanka Monday, 12 July 2021 04:16 PM

හොඳ උත්සාහයක්... ඔබ සැමට පින්... අපි දන්නවා දේශීය දේවල්වලට කිසිම ඉඩක් නැහැ කියලා. බාල්දිය අදියි අනිවාර්යයෙන්ම.... මොකද ඒ අයගේ ගෝලයෝ ඉන්නවනේ ලංකාවේ...

:       1       1

chathuri Monday, 12 July 2021 04:20 PM

මේ බේත සත්තුන්ට හදපු එකක් නේද..?

:       1       0

kamal Monday, 12 July 2021 04:30 PM

ලෝකේ විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵල අනිත් විද්වතුන්ගේ පරික්ෂාවට එවා ප්‍රසිද්ධ කරලා ඒ ගොල්ලන්ගේ නිගමනයනුත් පල කරනවා. ඒවා පිට රටට හොඳ වුණාට අපේ රටට හොඳ නැහැ.

:       0       0

සමන්ත Monday, 12 July 2021 04:33 PM

රාජපක්‍ෂ කෙනෙක් එව්වා නම් ඒ පශු වෛද්‍ය එකේම තමයි ඉතින්. කීයක් හම්බ වුණාද දන්නෑ නේද?

:       0       1

Nihal Monday, 12 July 2021 06:20 PM

නම මොකක්ද? මගේ පීනස අමාරුව නිට්ටාවට සුව වුණේ සිංහල වෙදකමෙන්...මේවට සුද්දෝ පුදුම වෙනවා....!!! 

:       1       0

Ravi Monday, 12 July 2021 06:51 PM

හැටනව ලක්ෂෙටම ගැලපෙන බේතක් වගෙයි.පශු වෛද්‍යය කෙනෙක්නෙ හොයන් තියෙන්නෙ

:       0       0

Nihal Monday, 12 July 2021 07:43 PM

පැණි, මුට්ටි වගේ නාඩගම් හින්දා ඇත්ත දෙයක් වුණත් දැන් පිළිගන්න හිතෙන්නේ නෑ...

:       0       0

ඩී. එච්. සිල්වා, පේරාදෙණිය විශ්ව විද්‍යාලය Monday, 12 July 2021 08:06 PM

මෙයා තවත් එක්කෙනෙක්. මෙයාගේ විස්තර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඕනෑම කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 160 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 319 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 601 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site