කොරෝනා වෛරස රෝගයෙන් මියගිය සංඛ්‍යාව 1523ක් දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිත රෝගීන් සංඛ්‍යාව 66492කි.
නිවාඩුව අවසන්ව බීජිං අගනුවරට පැමිණෙන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායන කාලයක් ගතකර පැමිණෙන ලෙස බීජිං බලධාරිනු නියෝග කර ඇත.
මෙය උල්ලංඝනය කරන්නන්ට දැඩි දඬුවම් පමුණුවන බවද අනතුරු අඟවා තිබේ.
චීනයේ පාසල් තවදුරටත් වසා දමා ඇති අතර බොහෝ දෙනකු නිවසේ සිට සිය රැකියාවේ නිරත වන බව සඳහන් වේ.
වෛරසය පාලනය කිරීමේ තවත් දැඩි පියවරක් ලෙස චීනයේ මහ බැංකුව කියා සිටියේ භාවිතා කළ මුදල් නෝට්ටු පාරජම්බුල කිරණ හෝ අධික උෂ්ණත්වයෙන් විශබීජහරණය කර නැවත සංසරණය වීමට පෙර දින 14 ක කාලයක් ගබඩා කර ඇති බවයි.
ජපානයට නුදුරින් නවතා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව චිනයෙන් පිටත වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමුවුන ස්ථානය බවට පත්ව ඇති අතර එහි රෝගීන් 200ක් වාර්තා වී ඇත.
යාත්‍රාවේ අතරමංව සිටින තම ජාතිකයන් ඉවත් කර ගන්නා බවත් පසුව ඔවුන් දින 14 ක නිරෝධායන කාලයකට යටත් කරන බවත් ඇමරිකාව පවසා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් කණ්ඩායමක් මෙම සති අන්තයේ බීජිං වෙත පැමිණීමට නියමිතව ඇති අතර එහිදි චීන විශේෂඥයින් සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් සිදුකිරීමට සැලසුම්කර ඇති බව සඳහන් වේ.
ඒකාබද්ධ කණ්ඩායම පළාත් සහ නගර තුනක් පරීක්ෂා කර වැළැක්වීමේ හා පාලනය කිරීමේ ක්‍රියාමාර්ග සමාලෝචනය, පර්යේෂණ මධ්‍යස්ථාන නැරඹීම සහ වසංගතය පාලනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සිදුකරන බව ජාතික සෞඛ්‍ය කොමිදන් සභාවේ ප්‍රකාශක මයි ෆෙන්ග් පවසයි.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
68
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වයිරසයෙන් 1523 ක් මිය ගිහින් - 66,492 ක් ආසාදිතයි