IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ව්‍යාපාර නංවන්න බැංකුවලින් කෝටි 11,500 ක ණයක්

(***රංජන් කස්තුරි සහ ***හර්ෂණ තුෂාර සිල්වා)

ව්‍යාපාර කේෂ්ත්‍රය සඳහා වාණිජ බැංකුවලින් රුපියල් කෝටි 11500 ක අතිරේක ණය මුදලක් නිකුත් කිරීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නව ක්‍රමවේදයක් පෙරේදා (16) සිට හඳුන්වා දී තිබේ.

ඒ අනුව වාණිජ බැංකු ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු සියයට 4ක් ව තිබූ අනිවාර්ය තැන්පතු මුදල සියයට 2 දක්වා අඩුකර ඇත.

මෙම අඩුකිරීම හේතුවෙන් වාණිජ බැංකුවලට ගනුදෙනු කිරීම සඳහා අතිරේක මුදලක් ලැබෙන අතර විශේෂයෙන් බැංකුවල ද්‍රවශීලතාවය ඉහළ යෑම මගින් විවිධ කේෂ්ත්‍රවලට වැඩිපුර ණය නිකුත් කිරීමට වාණිජ බැංකුවලට හැකිවන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන් ව්‍යාපාර හා පුද්ගලයින්ට වාණිජ බැංකුවලින් වැඩි වැඩියෙන් ණය නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

නව රජය බලයට පත්වන විට වාණිජ බැංකු ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය මුළු තැන්පතුවලින් සියයට 5ක්ව තබූ අතර එය ඉකුත් කාලයේ සියයට 4 දක්වා අඩු කිරීමටද ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණ.

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (16) රැස්වී එම තැන්පතු ප්‍රතිශතය මේ ආකාරයට සියයට 2දක්වා පහත දැමීමට පියවර ගෙන තිබේ.

 



අදහස් (4)

ව්‍යාපාර නංවන්න බැංකුවලින් කෝටි 11,500 ක ණයක්

රංග Thursday, 18 June 2020 10:42 AM

ඒ ඉතිරිවන 2% මුදල වගේ 10 ගුණයක් ණය මැවීමේ හැකියාව බැංකු වලට හිමිවෙනවා...

:       0       57

Rohana Thursday, 18 June 2020 11:59 AM

මූල්‍ය වෙළඳපලේ ද්‍රවශීලතාවය ඉහළ යාමතුළින් ඉතුරුම් සඳහා වන පොලි තවදුරටත් පහත වැටීමට ඉඩ ඇත.. එසේම ප්‍රතිමූල්‍ය ණය සහ සංචිත අනුපාත පහත දැමීම තුළින් බැංකු ණය මැවීමේ හැකියාව ඉහළ ගොස් උද්ධමනකාරී තත්වයක් ඇතිවීමට ඉඩ ඇත.

:       0       106

Bamunuarachchi Thursday, 18 June 2020 03:24 PM

කෝවිඩ් නිසා වැටුණු ව්‍යාපාර නංවන්න සහන ණය දුන්නාට කමක් නැත. අලුතින් ව්‍යාපාර පටන් ගැනීමට සහන ණය දෙන්න එපා. එය තැන්පත් කරුවන්ට කරන අසාධාරණයක්...

:       1       1

BamunuarachchiSaturday, 20 June 2020 12:13 PM

ඕන ණයක් දෙන්න තැන්පත් කරුවන් වන අපිව ණය නොකර. ජේෂ්ට පුරවැසියන් සියලු දෙනාම යැපෙන්නේ, බෙහෙත් වලට වියදම් කරන්නේ ඔය ලැබෙන පොලියෙන්. එමනිසා ඔවුන්වත් රැකගෙන ඕන මගුලක් අපිට කමක් නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 395 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 444 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site