
(දයාරත්න ඇඹෝගම)
කඩ කාමර බාරදි ඉන් ඉවත් වන ලෙස දන්වා අනුරාධපුර මහා නගර සභාව විසින් සිංහ කුලුන අසළ ව්‍යාපාරිකයන් පිරිසකට දැනුම්දුන් ලිඛිත නියෝගයට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයෙකු අද(07)දින මාරන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
මෙම මාරන්තික උපවාසයේ නිරතව සිටින සිංහ කුලුන ආසන්නයේ කඩ හිමියෙකු වන ඒ.පි. උපුල් මහතා තමන් ආරම්භ කළ මාරන්තික උපවාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.
අපි වසර පණහකට වැඩි කාලයක් මෙතන ඉන්නව දැන් නගර සභාවෙන් කියනවා වරිපනම් බදු ගෙවන්න කියලා. මේ ඉඩම් අපිට අයිති ඉඩම්. අපිට හිමි ඔප්පු ලබා දෙන්න . අපි කාටවත් වරිපනම් ගෙවන්න ඔන නැහැ .මේක අසාධාරණයක් . අපි එදා ඉදල මේ රජය බලයට ගෙන්න අපේ සල්ලි පවා වියදම් කරපු අය. ජනාධිපති තුමාගෙන් අපි ඉල්ලනවා මේක වහම නතර කරලා අපිට හිමි ඔප්පු ලබා දෙන්න කියලා.
අපිට සාධාරණයක් වන තුරු මේ උපවාසය අතහරින්නෙ නැතැයි ඔහු වැඩි දුරටත් පැවසිය. මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මහා නගර සභාවේ නගරාධිපති එච්.පි.සෝමදාස මහතා ගෙන් කළ විමසුමේදි නගරාධිපතිවරයා මෙසේ පැවසිය.
නගර සභාවට අයත් සිංහ කුලුන ආසන්නයේ පිහිටි කඩ කාමර 12 ක් තිබෙනවා.එම ව්‍යාපාරිකයන් දිර්ඝ කාලයක් තිස්සේ නගර සභාවට අයත් බදු මුදල් ගෙවිම පැහැර හැර තිබෙනවා. අපි කිහිප වතාවක්ම ඔවුන් නගර සභාවට ගෙන්වලා සාකච්ඡා කළා. මෙම හිග බදු මුදල් ගෙවන්න කියලා. නමුත් ඔවුන් එම බදු මුදල් ගෙවිම පැහැර හැර තිබෙනවා. නගරයේ සුබ සාධන කටයුතු සිදු කරන්නේ මේ බදු අදායම් මුදල් වලින්.මේ ආකාරයට නගර සභාවට අයත් බදු මුදල් ගෙවිම පැහැර හරිනවා නම් නගර සභාවේ කටයුතු ඉදිරියට ගෙනි යන්න බැහැ.එම නිසා මෙම ව්‍යාපාරිකයන්ට එම කඩ කාමර වලින් ඉවත්වන ලෙසට ලිඛිතව දැනුම් දුන් බවද නගරාධිපතිවරයා මෙහිදි පැවසිය.

2025 දෙසැම්බර් මස 04
28
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යාපාරිකයෙක් අ‘පුර නගරයේ උපවාසයක