(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි)

වේයන්ගොඩ නගරයේ පිහිටි තම සංගමයට අයත් සියලූ කඩසාප්පු සතියක කාලයකට වසා දැමීමට පියවර ගත් බව වේයන්ගොඩ වෙළෙඳ සංගමය කියයි .

මේ අනුව වෙළඳ සංගමයට අයත් සියලු වෙළඳසල් 15 දින සිට 21 දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇත.

දිනෙන් දින කොරෝනා රෝගීන් ගේ ප්‍රමාණය වැඩි වීමත් ගත වූ කාල සීමාව තුළ දී වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගල මරණ 18 සිදුවීමක් සැලකිල්ලට ගනිමින් රෝගය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට සහාය දැක්වීම සඳහා තම සංගමය වෙළඳ සැල් වසා දැමීමට තීරණය කළ බව එහි සභාපති එස් අයි එස් වීරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් වෙළඳ සංගමයට අයත් නොවන වෙළඳසැල් කිහිපයක් පමණක් අද 15 විවෘත ව තිබිණි