IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ව්‍යාජ නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)


රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු  ඉංගිරිය බොරලුගොඩදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.


ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ නෝට්ටු සැකසීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ පරිගණකයක් සොයාගෙන ඇති අතර ඒවා ද පොලිසිය භාරයට ගෙන ඇත.


පුද්ගලයන් දෙදෙනෙකු ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගෙන ලබා දුන් රුපියල් දහසේ මුදල් නෝට්ටුව ව්‍යාජ එකකැයි ඉංගිරිය උදුරුගල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් ඉකුත් මස 27 වන දින ඉංගිරිය පොලිසියට පැමිණිලි කර තිබිණි.


මෙම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාළ පුද්ගලයන් දෙදෙනා මෝටර් රථයකින් හොරණ දෙසට ගමන් කරන බවට ලද තොරතුරක් අනුව පොලිසිය බොරලුගොඩ ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (0)

ව්‍යාජ නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site