IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ව්‍යාජ චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් හොරණින් අල්ලයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

හොරණ ගොඩැල්ල ප්‍රදේශීය පවත්වාගෙන ගිය යතුරු පැදි වලට  ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් වටලා එන්ජින්,චැසි,  අමතර කොටස් මෙන්ම එම අංක කෙටීමට උපයෝගී කර ගත් උපකරණ සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .

එම  සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා යතුරුපැදි වල එන්ජින් 10ක්, චැසි දෙකක්, අමතර කොටස් රැසක්, ග්‍රයින්ඩරයක්, අංක තහඩු දෙකක් ඇතුළු උපකරණ රැසක්  පොලිසිය  බාරයට ගෙන ඇත .

යතුරුපැදියක් නැති වූ බවට පිළියන්දල  පොලීසියට ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කිරීමේදී පිලියන්දල පොලිසියේ  අපරාධ  කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව හොරණ ගොඩැල්ල ප්‍රදේශයේ මෙම  ස්ථානය වැටලූ බව පොලිසිය කියයි .



අදහස් (5)

ව්‍යාජ චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් හොරණින් අල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 07:50 AM

මේ සිදුකළ අගනා ක්‍රියාවට ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විෂ්වනාත් මහතාව වහාම සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්කොට ත්‍යාගයක්ද ලබාදිය යුතුයි. අනෙකුත් සියලුම නිලධාරීන්ටද, උසස්වීම් හිමිවිය යුතුයි. එයින් අනෙකුත් නිලධාරීන්ද දිරිමත් වෙයි. පොලිස් සේවයේ සිටින මෙවන් අගනා නිලධාරීන්ට අපගේ ස්තුතිය...!

:       51       109

Mahesh Wednesday, 17 June 2020 08:23 AM

නියමයි. ඔය වගේ අයව එල්ලන්න ඕනෑ. මිනිස්සු කොච්චර මහන්සි වෙලාද වාහනයක් ගන්නේ..? තව දෙයක්... බොහෝමයක් රටේ කාර් සේල්වල තියෙන්නේ ජපානේ හැප්පිලා විනාශ වුණු වාහන... ලස්සනට උඩින් හදලා මිනිස්සුන්ව අන්දලා මේවා විකුණනවා. නිකමට හරි ඔක්ශන් ලිපි පරීක්ෂා කරලා බැලුවේ නැතොත් මිනිස්සු අමාරුවේ වැටෙනවා. මේ කාර් සේල් ඒවත් වටලා පරීක්ෂා කරන්න. හොර කාර්සේල් කාරයෝත් එල්ලන්න ඕනෑ..

:       69       139

DharmasiriWednesday, 17 June 2020 10:12 AM

සහතික ඇත්ත. මම මේ සම්බන්ධව ඕනෑතරම් ලියලා ඇති. ජපානයේ ආර්. ග්‍රේඩ් එකේ වාහන ලාබෙට අරන් හදලා එවනවා ලංකාවට... මේ සඳහා ලංකාවෙන් ගිය මිකැනික්ලා ඕනෑතරම් එහෙ යාඩ්වල ඉන්නවා. ලංකාවේ නමගිය ලොකුම කාර් සේල්වල ඉඳන් පොඩිම එක දක්වා මේ හොර වැඩේ කරනවා. අන්තිමේ හැප්පුණාම එයාර්බෑග් වැඩකරන්නේ නැහැ. අපරාදෙ ජීවිත සහ සල්ලි...

:       0       101

Anzar Wednesday, 17 June 2020 12:31 PM

තව ඕකට ප්‍රසිද්ධ තැනක් තියෙනවා නාරම්මල ටවුමේ...

:       0       106

KamalkapilaThursday, 18 June 2020 04:24 PM

ටවුමෙ නෙමෙයි.. ඇයි නම කියන්න බයයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site