IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ව්‍යාජ ගමන් බලපත් මගින් ලංකාවට ආ ඉරාන යුවළක් යළි හරවා යවති

(ටී.කේ.ජී.කපිල)

 

ව්‍යාජ ක්‍රොඒෂියානු ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කරමින් ශ්‍රී ලංකාව හරහා යුරෝපයට පැන යාමට තැත් කළ ඉරාන ජාතික යුවළක් අද (9) උදෑසන ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගෙන තිබිණි.

39 හැවිරිදි වියේ පසු වූ මෙම ඉරාන ජාතික සැමියා, එරට වෙළඳ නාවිකයකු ලෙස සේවය කළ අයෙකි. ඔහුගේ බිරිඳ ද  34 හැවිරිදි ඉරාන ජාතික කාන්තාවකි.

ඔවුන් අද උදෑසන 8.10 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි සලාම් එයා ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

තමන් ශ්‍රී ලංකාවේ මධුසමය ගත කිරීම සදහා පැමිණෙන යුවළක් බව හඟවමින්, කටුනායක ගුවන් තොටුපළ ආගමන අංශය වෙත සිය වීසා අනුමැතිය සදහා අවශ්‍ය ලියකියවිලි ලබා දී තිබුණි .

එහෙත් ඔවුන් ශ්‍රී ලංකාවට ගොඩබැසීමේ අවසර පත්‍රය සම්පූර්ණ කර නොමැති බව නිරීක්ෂණය කළ, එහි රාජකාරීයේ නියැලී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා ඒ පිළිබඳව විමසීමේ දී කළබලයට පත්මොවුන් අවසර පත්‍රය වෙනුවට, ඔවුන්ගේ ක්‍රොඒෂියානු හැදුනුම්පත් ඉදිරිපත් කර තිබේ.

ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මෙම ක්‍රොඒෂියානු ජාතික හැදුනුම්පත් සූක්ෂමව පරීක්ෂා කර බලත් දී  , ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු හැදුනුම්පත් නොව ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව හෙළිදරව් විය .

ඒ සමගම ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර ද, ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉල්ලා ගෙන පරීක්ෂා කළ අතර, ඒවා ද ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව අනාවරණය විය .

පසුව ඔවුන්ගෙන් ක්‍රොඒෂියාව පිළිබඳව තොරතුරු විමසූ විට ඒවාට නිසි පිළිතුරු දීමට ඔවුන් අපොහොසත් වූ අතර පසුව ඔවුන් ඉරාන ජාතිකයන් බව ප්‍රකාශ කළහ .

තමන් රැකියා සොයා යුරෝපය වෙත යන බවත්, මෙම ව්‍යාජ ක්‍රොඒෂියානු ගුවන් ගමන් බලපත්‍ර සැකසීම සඳහා එක් අයකුට යුරෝ 1,000 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ දෙකක් වැය වූ බවත්, ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කළහ .

ඔවුන් මීට පෙර පෝලන්තය වෙත යෑම සඳහා වීසා අයදුම් කළ ද , ඒ සදහා ඔවුන්ට අවසර නොමැති බව දන්වා ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල පෝලන්ත බලධාරීන් මුද්‍රා තබා ඇති ආකාරය ද දිස් විය .

පසුව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ තාක්ෂණික නිරීක්ෂණ සඳහා මෙම ගුවන් ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් යොමු කළ අතර , එහිදී ඒවා ව්‍යාජ ලියකියවිලි බව නිසැකවම තහවුරු විය.



අදහස් (4)

ව්‍යාජ ගමන් බලපත් මගින් ලංකාවට ආ ඉරාන යුවළක් යළි හරවා යවති

ravi Sunday, 09 February 2020 11:33 AM

ලංකාවේ අපේ මිනිස්සු .. ඉරාන්වල වලන් හෝදපු අතිතයකුත් තිබුනා කියලා අමතක කරන්න එපා . ඒ කාලේ ඉරානයට කිව්වේ ආසියාවේ පුංචි ඇමෙරිකාව කියලා. මේ මනුස්සයෝ ... දුෂනවලින් තොරව අපේ රටට පැමිණියහම මොනවද වෙන්නේ ? දැනට අපේ රටේ මැදපෙරදිග විදේශිකයෝ 7000 කට වැඩි ප්‍රමාණයක් ගොඩබැහැල වීසා නැතුව හැංගිමුත්තන් කරමින් ඉන්නවා. ඔන්න ඔය වගේ අයව තමයි අල්ලලා අපහු ආපු දිහාවටම පටවන්න ඕනේ.

:       29       56

PradeepSunday, 09 February 2020 01:23 PM

මේ මිනිස්සු දූෂණ වලින් තොරව අපේ රටට පැමිණියාම මොනවද වෙන්නේ" කියා ඔබ කිව්වට මේ අය පැමිණ තිබෙන්නේ නීතිවිරෝධී ලියකියවිලි උපයෝගී කරගෙන. නීත්‍යානුකූල නොවන ආකාරයෙන්. එය විශාල වරදක්. අපේ රටේ අය එරට වීසා නොමැතිව ඉන්නවා කියලා මේ වගේ දෙයක් ඊට හිලව් කරන්න බෑ. එයාලට අදාල රටේ බලධාරීන් දඬුවම් කරයි අහු වුණොත්.

:       20       56

raviMonday, 10 February 2020 07:11 AM

ඉරාන් ජාතිකයින්, ගමන් බලපත්‍රයක් ඇතිව හෝ නැතිව සහ ව්‍යාජ හෝ නීත්‍යානුකුල ගමන් බලපත්‍රයක් ඇතිව හෝ නැතිව. යම් කිසි රටකට පැමිණියානම් , මේ ඉරාන් ජාතිකයින්ව මුලුලෝකයේම රටවල් ආරක්ෂා සහිතව පිළිගැනීමට ජාත්‍යන්තර වශයෙන් අපි බැදී සිටින බව කරුණාවෙන් මතක් කරමු .. !

:       0       0

RaveendraMonday, 10 February 2020 02:01 AM

අනේද කියන්නේ? අපේ මිනිසුන් ජඩ විදියට, නීති විරෝධී විදියට අනෙකුත් රටවල ලැග සිටින නිසා අපරටේත් එලෙසම වෙනත් පිරිස්වලට නීතියට පරිභාහිරව ඇතුළුවීමට ඉඩ හැරිය යුතුයි... යන්න නොවේද ඔබ මේ පවසන්නේ? එය මොනතරම් අඥානද යන්න ඔබට නොතේරීම කණගාටුවකි. තවද එ් රටවල වළං සෝදා එවන ඩොලර්වලින් නේද අද මුළු ලංකාවම ඔබත් ඇතුළුව තුන්වේල ගිලදමන්නේ? තවද අපේ, ඔබේ සහෝදර සහෝදරියන් එසේ බැල මෙහෙවර කරන්නේ දියවන්නා ඔයේ ඉන්න "මූසල දේශපාලුවන්ගේ ගොන් තකතීරු බලලෝභී ක්‍රියා නිසා" නොවේද? එලෙසම පිරිමින් වැඩිපිරිසක් තමන්ගේ භාර්යාව හෝ සහෝදරිය වෙන රටවල බැලමෙහෙවර කරන්නේ පිරිමින් ලෙස නැතහොත් පිරිමි ආත්ම ලබපු නපුංසකයින් නිසා නොවේද?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site