IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ව්‍යාජ ඔප්පු සැකසී යැයි චෝදනා ලැබු නීතිඥවරියකට විමර්ශනයක්

( උපාලි ආනන්ද)

බදු පදනම මත ලබා දුන් රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් අනුරාධපුර මහවීදියේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා එය පෞද්ගලික බැංකු දෙකකට තබා ණයක් ලබා ගත් බව කියන සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුරයේ  නීතිඥවරියක ජූලි 7 වැනිදා විශේෂ විමර්ශනයක් සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකණයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් සී හේරත් මහතා විසින් අංක එස්සී/පී/63/2019 දරණ ලිපිය මගින් අදාල නීතිඥවරිය  මෙම විමර්ශණය සඳහා  කැදවා ඇත්තේ ඕපනායක  පනාන ඉලුක්කුඹුර  අංක 104/01/ ඒ ලිපිනයේ  ජේ බී රොහාන් අනුරාධ මහතා  අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට  කරන ලද ලිඛිත පැමිණිල්ලක් අධ්‍යයනය කිරීමෙන් පසුවය.

එම නීතිඥවරිය මෙම විමර්ශනය සදහා නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් සී හේරත් මහතා විසින් මෙලෙස   කැඳවා  ඇත්තේ අගවිනිසුරුවරයාගේ නියෝගයකට  අනුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන මෙහෙයවා පසුව පැවරූ නඩුවක් දැනට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර තවත් සිවිල් නඩුවක් අනුරාධපුර දිසා අධිකරණයේ විභාග වෙමින් පවතී.

උතුරු මැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුනසිංහ මහතාගේ විශේෂ නියෝගයක් මත පොලිස් අධිකාරි විජිත ද අල්විස් මහතා විසින් ද මෙම ව්‍යාජ ඉඩම් ඔප්පු සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් සිදු කරනු ලබයි.



අදහස් (0)

ව්‍යාජ ඔප්පු සැකසී යැයි චෝදනා ලැබු නීතිඥවරියකට විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 314 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 395 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site