නිමන්ති රණසිංහ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අල් හුසේන් කුමරු මෙරටට පැමිණිමට විරෝධය පාමින් උද්ඝෝෂණයක් සංවිධානය කර පොලිස් ආඥා පනත හා මං මාවත් පනත උල්ලංඝණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අද (16) නඩු පවරනු ලැබීය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ චුදිතයින්ට එරෙහිව චෝදනා දෙකක් යටතේ මෙම නඩු පවරනු ලැබු අතර චෝදනා කියවා දීමෙන් පසු තමන් නිවැරදිකරුවන් බවට ඔවුන් සඳහන් කළේය.
ඒ අනුව මෙලෙස නඩු පවරනු ලැබුවේ ජාතික නිදහස් පෙරමුණේ නායකයින් වු විමල් වීරවංස, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක,මොහොමඩ් මුසම්මිල් යන අයටය.
සිද්ධිය සම්බන්ධන් නඩු විභාගය පෙබරවාරි 11 වැනි දා කල් තැබිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.