(අජන්ත කුමාර අගලකඩ)
විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂවලටද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ගන්නා ලෙස ආරාධනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ .
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි .
එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් පක්ෂ කිහිපයක් එක්කර ගනිමින් පුළුල් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලසුම් කර ඇති අතර, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණත්, උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ් උරුමයත් ඊට සම්බන්ධ කරගත යුතු බවට එහිදී යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විමල්ට-ගම්මන්පිලට එ.ජ.නි.සයෙන් ආරාධනාවක්
sena Saturday, 05 March 2022 12:59 PM
අනේ මන්දා...! එ.ජ.නි. කට්ටිය ඔච්චරම බංකොළොත්ද?
සන්ක Saturday, 05 March 2022 01:00 PM
මේ දෙන්නා ඒ තරමටම අමාරුකාරයින් දෙන්නෙක්. 20ට අතඋස්සලා ඔක්කොම කරලා දීලා දැන් මේ බොරු බයිලා ගහනවා.
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 05 March 2022 01:25 PM
මේ අය මොන සෙල්ලම් දැම්මත්, අවසානයේදී සියලු අමනාප දුරුකොට, එකට එකතුවී ඡන්දය දුන් අයට කොකා පෙන්වනවා. සියලුම දේ රඟපෑම්. මෙතෙක් කළේත් ඒකමයි. ඉදිරියට කරන්නෙත් ඒකමයි...
sugathSaturday, 05 March 2022 03:52 PM
ඇත්ත. අන්තිමට කියයි "දේශපාලනේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත" කියා...
දාස Saturday, 05 March 2022 01:44 PM
එතැනට යන්න.. එතැන තමයි ඔබලාට හොඳම තැන... මොකද එතන ඉන්නේ?
විපරමා Saturday, 05 March 2022 02:46 PM
මෙයාලගේ සුළුපක්ෂවලට කවුරුවත් ඡන්දෙ දෙන්නේ නැති නිසා සාටකයින් පස්සේ ගිහින් ගොඩගියා. අවස්ථාවාදී, කපටි, කෛරාටික දේශපාලුවන්... මෙයාලා කවුද කියලා රටම දන්නවා...!
fairoos Sunday, 06 March 2022 12:39 PM
‘‘සිරිසේන තොලොංචි වෙලා යන්න‘‘... මතකද විමල්ගේ කතාව..?