IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විභාග වංචාවකට උදව්කළ ගුරුවරියට විනය පරීක්ෂණයක්

අජිත්ලාල් ශාන්තඋදය 
 
විභාග අපේක්‍ෂකයකුට ජංගම දුරකතනයක් ඔස්සේ කෙටි පණිවිඩ මගින් පිළිතුරු යැවූ බවට සැකපිට බළන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට පත් පාසල් ගුරුවරිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමේ මූලික විමර්ශනයක් අද (7) ඇරඹූ බව සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසීය.

සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙම මූලික විමර්ශනය පවත්වා ඇයට එල්ල වී ඇති චෝදනා විභාග කර ඇය සම්බන්‍ධයෙන් තීරණයක් ගැනීමට සබරගමු පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත අදාළ විමර්ශන වාර්තාව කඩිනමින් යවන බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය.

මෙවැනි චෝදනාවක් සම්බන්‍ධයෙන් වැරදිකරුවෙකු වෙන තැනැත්තෙකුට හෝ තැනැත්තියකට දෙපාර්තමේන්තු මට්ටමින් මුලින් වැඩ තහනමකට ලක්ව පසුව අවසන් විමර්ශනයකදී වරදකරු වුවහොත් සේවයෙන් පහකිරීමකට ලක්වීමට ඉඩකඩ ඇති බව අධ්‍යාපන බලධාරීහූ පෙන්වා දෙති.



අදහස් (2)

විභාග වංචාවකට උදව්කළ ගුරුවරියට විනය පරීක්ෂණයක්

රවින් Friday, 07 December 2018 07:58 AM

ඉස්සෙල්ලාම ගුරුහෙරියගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න. දේශපාලන පත්වීමක් වෙන්න ඇති.

:       0       0

AnandaR Friday, 07 December 2018 03:19 PM

මෙවැනි වරදකට උපරිම දඬුවම සේවයෙන් පහකිරීම පමණද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site