(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගංවතුරින් සහ අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජයට සහය වන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී අද (10) ඉල්ලීමක් කළේය.
ගංවතුරෙන් විපතට පත් පවුල්වලට ශෝකය පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.
අගමැතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
පීඩාවට පත් ජනතාවට සහන ලබාදීමට රජය කටයුතු කරගෙන යන බවද අගමැතිවරයා පැවසුවේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂේ සහන දීම කෙසේවෙතත් දෙන ඒවාට චෝදනා නම් කරයි ලස්සනට
අර සුනාමි සල්ලි වලින් කීයක් හරි දුන්නොත් නරනද? දැන් නහින දෙහින කාලේ...!!!
2005 ඉඳන් හොරා කාපුවායින් සහන සලසන්න
ඇයි ඊයේ, පෙරේදා මංකොල්ල කාපු සල්ලි ඇතිනේ... ඒවා ඕනෑවටත් වැඩියි සහන සලසන්න. සුනාමි සල්ලි, පැන්ඩෝරා සල්ලි පවුලේ වැඩවලට තියාගන්න.
පැන්ඩෝරාගේ පෙට්ටියෙන් අරන් දෙන්නකෝ දෙයියනේ... එතකොට විපක්ෂයත් නිකම්ම සහායට එයි... රටේ මාධ්‍ය ආයතනයි, මහ ජනතාවයි නේ වෙනදට මේවා කළේ... සමාජ සේවා ඇමැති කියලා කෙනෙක් නැද්ද මේ ආණ්ඩුවේ...?