IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


විපතට පත් උතුරේ ජනතාවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහන

ජලගැල්මෙන් අවතැන් වූ උතුරේ ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතු සොයා බැලීම සහ අවතැන් කඳවුරුවල ජනතාවට අවශ්‍ය වියළි ආහාර මලු පරිත්‍යාග කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි. 


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කොළඹ ජාතික රෝහල, ඖෂධ කර්මාන්තකරුවන්ගේ වාණිජ මණ්ඩලය ඇතුලු තවත් ආයතනවලින් එකතු කරන ලද වියළි ආහාර මළු සහ ළදරු නිෂ්පාදන මෙහිදී බෙදා  අවතැන් වුවන්ට ලබා දීමට කටයුතු සලසා තිබිණි.


 බෙදා දුන් මුළු සහනාධාර තොඟයේ වටිනාකම රුපියල් කෝටි 02 කට අධික  වන අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙය සිදු කෙරිණි.

  ඒ අනුව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් මුරුගානන්දා ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරේ පවුල් 400 කට සහ මුලතිව් සුගන්දිරම්පුරම් ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරේ පවුල් 600 කට වියළි ආහාර මලු ලබා දීම සිදු කෙරුණු අතර , කඳවුරු දෙකට එම ද්‍රව්‍ය  බෙදා දීමෙන් පසු ඉතිරිව  වියළි ආහාර මලු  ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් සෙසු අවතැන් කඳවුරුවලට බෙදාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන්නේය.

 

(36698) 

 



අදහස් (0)

විපතට පත් උතුරේ ජනතාවට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 503 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 473 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site