IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විපතට පත්වූවනට සහන සලසන්න ලක්ෂ 170 ක්

(නිමල කොඩිතුවක්කු)

දිස්ත‍්‍රික්ක  කිහිපයකට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන්  විපතට පත් ජනතාවට හදිසි සහන සැලසීම සඳහා රජය රුපියල් ලක්ෂ 170 ක් එම ප‍්‍රදේශ වෙත යොමු කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (23) පැවසීය.

සහන සැලසීම සඳහා අවශ්‍ය ඉතිරි  මුදල් අතුරු සම්මත  ගිණුමේ ප‍්‍රතිපාදන යටතේ හෝ  විශේෂ ආපදා අරමුදල් යටතේ ලබා දීම වෙනුවෙන්  මුදල් අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප‍්‍රවෘත්ති ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

දිස්ත‍්‍රික්ක  කිහිපයකට බලපා ආපදා තත්වය හේතුවෙන්  ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස 112 ක පවුල් 20,000 කට පමණ අයත් 65,000 ක පමණ පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු  රජය මේ පිළිබඳ පූර්ණ අවධානය යොමුකරමින්  ජනතාවට සහන සැලසීම වෙනුවෙන් කළ හැකි උපරිම දේ සිදු කරන බවත් අමාත්‍යවරයා කීවේය.

හමුදා ඇතුළු ආරක්ෂක අංශ සහන කටයුතු සඳහා යොදවා ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා දිස්ත‍්‍රික් ලේක්ම්වරුන්, ආපදා කළමනාකරණ නිලධාරින් මගින් කඩිනම්  සහන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බවත් සඳහන් කළේය.



අදහස් (1)

විපතට පත්වූවනට සහන සලසන්න ලක්ෂ 170 ක්

Silva Monday, 23 December 2019 12:21 PM

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 112ක පවුල් 20,000කට පමණ අයත් 65,000ක පමණ පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බවත් ඔහු සඳහන් කළේය. 17,000,000 /65.000 එක්කෙනෙකුට රුපියල් 261.50 නියමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site