
(යොහාන් භාසුර)
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට තහවුරුවීම නිසා රෝහල්ගත කර තිබේ.
සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිලාභ ලබති.
සිය බිරිඳ ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පේ‍්‍රමදාස මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබේ.
බිරි`දට රෝග ලක්‍ෂණ පෙන්වීම නිසා රෝහල්ගතව කළ පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් ඇය ආසාදිතයකු යැයි සනාථ වීම නිසා තමන් ද පී.සී.ආර්. පරීක්‍ෂණකට ඉදිරිපත් වූ බවත් එම පරීක්‍ෂණයෙන් තමන්ද ආසාදිත බවට තහවුරු වූ බවත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ෆේස්බුක් සටහනේ දක්වා තිබේ.
සජිත් පේ‍්‍රමදාස මහතාට රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපළට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා. දුර්වල සහ හිතුවක්කාර පාලකයින් නිසා අද රට විනාශ වේගෙන යනවා. මේ මොහොතෙදී මිනිස්සු ගැන, රට ගැන හිතන ඔබව ලාංකීය ජාතියට අත්‍යාවශ්‍යයි....
දේශපාලන බේද පසෙකලා එතුමාට ඉක්මන් සුව පතමු...
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!
ජලා හුටා කිව්වලු... දැන් ආණ්ඩු පක්ෂය හරිමඟට ගන්න වැඩ කරන්නේ කව්ද? මෙතුමන්ලා එන්නත් අරන් නැද්ද?
දැන් ඉතින් "අපෙන් අයෙකි ඒ මිනිසා" තමයි ඉතින්...
මෙතුමා ඇතුලු නායකයන් කිහිපදෙනෙක් කොරෝනා එන්නත ලංකාවේ සියලු ජනයාට ලබා දී අවසන් වනතුරු ඔවුන් ලබා නොගන්නා බව කිව්වා. එන්නත ගන්න කිව්වේ වැඩිපුර ජනතාව සමග ගැවසෙන බැවින් කොරෝනා ව්‍යාප්තියට දායකවන පුරුකක් නොවන්න. පුහු ජනප්‍රිය ප්‍රචාරණය පදනම්කරගෙන මෙයා මගින් තව කීදෙනකුට කොරෝනා ව්‍යාප්ත කරලා ඇතිද? මෙතුමාට කොරෝනා රෝගය පමණක් නොව පුහු මානය නැමති රෝගයද සුවවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු... දේශපාලන විරසක ජාති, ආගම්... මේවා ඉදිරියට අරන් සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ මොනයම්ම ජාතියක මනුස්සයෙක්ට ලෙඩක් වැළඳුනාම..
එම දෙපලටම ඉක්මන් සුව පතමු. පහුගිය කාලෙත් පණ්ඩිත කතා කිව්වා. මම ගහගත්තෙත් නෑ කිව්වේ පණ්ඩිතකමට... දැන්වත් මතක තියාගන්න අනුන්ට බැනබැන ඉන්නේ නැතිව තමන් ප්‍රවේශම්ව ඉන්න. හැම දේකටම පවත්නා පාලකයන්ට දොස් කියකිය ඉන්න සිරිත අතහරින්න ඕනෑ.
ඔබ දෙපළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ඔබ දෙදෙනාට ඉක්මන් සුවය ලැබේවා .. !!! රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමේදී අප ඇතැම්විට ඔබ විවේචනය කළත්,ඔබ රෝගී වීම අසා අපි දුකට පත්වූවෙමු.
කාට හැදුණත් රාජපක්ෂ පරම්පරාවේ පන්සිය ගාණට හැදෙන්නේ නෑ. එයාලා ගිය අවුරුද්දේ සියලුම වර්ගයේ එන්නත් ගෙන්නගෙන ගහ ගත්තා.
අපේ ගෙදර නම් නෝනට හැදුණොත් මටත් හැදිලා, ඊටපස්සේ අනික් අයටත් හැදිලා නවතින්නේ නැහැ. ගමේ ඉන්න ඔක්කොටම බෝවන එක නවත්වන්න අමාරුයි. අපේ උන්දැගේ හැටි නොදන්නවැයි.
ඉක්මන් සුව පතනවා. ඉන්ජෙක්ෂන් ගැහුවා කියලා ලෙඩේ බෝවෙන්නේ නැතිව නෙමෙයි. එන්නත් කරන්නේ ලෙඩේ උත්සන්න වීම වළකාගන්න. ICU නොගිහින් ඉන්න.
මේ උතුමා කළින් බෙහෙතක් කිව්වා නේද කොරෝනා වලට..? දැන් ඒකද ගන්නේ...?
ඔබතුමාටත්, බිරිඳටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
සියලු දෙවි රැකවරණෙන් බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා. එතුමා එන්නත ගත්තේ නැහැ. ජනතාවට ලැබෙනකල්... ඉක්මන් සුව.. !!!
ඔබ දෙපළ ඇතුළු සියලුම කොරෝනා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා..!!!
අපේ මහානායක ස්වාමීන් වහන්සේලා තාමත් සැතපෙනවද?
ප්ලැකනිල් බොන්න..
මෙතන තමන්ගේ දේශපාලන ගැතිකම අනුව එන්නත් ගැන වැරදි ප්‍රචාරයක් කර තිබෙනවා. එන්නත් ගත්තා කියලා රෝගය නොවැළඳී ඉන්නේ නෑ. ඉන් සංකූලතා අඩුවෙනවා. ඇයි දේශපාලකයින්ට එන්නත් දිය යුත්තේ?. ගුරුවරුන්, පොදු ප්‍රවාහන සේවකයන්, බිම් මට්ටමේ වැඩ කරන රාජ්‍ය සේවකයන්, ඇඟළුම් සේවකයන්. වෙළෙන්දන් ආදීන්ට ප්‍රමුඛතාව හිමිවිය යුතුයි. ඔවුනට සංකූලතා ඇතිවුණොත් පෞද්ගලික රෝහල් හිමි නෑ...
රටේ මනුස්සයෙකුට කොරෝනා හැදුණාම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ප්‍රතිචාරයක් දැම්මාම ඒකට අකැමැත්ත ඵලකරන අය මේ රටේ සිටීම ගැන අපි ලැජ්ජා වෙමු...
ඔබ දෙපළට වගේම කොරෝනා ආසාධීතයින් සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා! මේ වසංගතය ඉක්මනින් දුරුවේවා !!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා... !
225 ම ධම්මික පැණිය බිව්වා නේද.?
ඉක්මන් සුවය ලැබේවා.!
මම විපක්ෂනායකතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය අනුමත නොකරමි. එහෙත් ඔබතුමා අපේ රටේ නායකයෙක්. ඔබතුමාටත් මැතිණියටත් ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි!
අනන්තවූ බුදුගුණානුභාවයෙන් සජිත් මහත්තයාත් නෝනාත් ඉක්මන්සුවයට පත්වේවා..!!!
දැන් රනිල් පාර්ලිමේන්තු ඇවිත් විපක්ෂ නායකයා වෙයි නේද?
ඔබ දෙපලට ඉක්මනින්ම සුව වේවා!
බුදු සරණයි... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
මේ පවතින අසාර්ථක පාලනයට මේ සියලුම දෙනා යම් පමණකින් හරි වගකිව යුතුයි. එහෙත් ඔබට සහ බිරිඳට ඉක්මන් සුවය පතමු. ඒ වගේම ඉක්මන් සුව නිවිය යුතු පිරිසක්ද පාර්ලිමේන්තුවේ සිටිනවා. ඕන ඒ අය ආපුගිය දවස්ටිකේ ළඟින් ආශ්‍රය කරලා රටට සෙතක් කරන්න ඇති කියලා හිතනවා....
දෙපලටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. "මුළු රටේ සියලුම දෙනාට දීලා අවසන්වෙනතුරු එන්නත ලබා ගන්නේ නැහැ" කිවා වගේ "මුළු රටේම රෝගීන් සියලුම දෙනාට ප්‍රතිකාර කර අවසන් වෙනතුරු මම ප්‍රතිකාර ලබන්නේ නැහැ" කියලා නම් කියැවුනේ නැහැ වගේ නේද?
ඔබ දෙපළට සහ රෝගී වී සිටින සියලුම ජනතාවට ඉක්මන් සුවය පතමි. රටේ ප්‍රධාන පෙලේ අයටත් හැදුණු එකේ මේක වළක්වන්න මීට වඩාත් හොඳ පියවර ගන්නා මෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු..
ඔබ දෙපල ඇතුළු සියලු රෝගීන් ට ඉක්මන් සුවය ලැබේවා!